Home Blog
විග්නේශ්වරන් මන්ත්‍රීවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ දී සිදුකල ප්‍රකාශය හැන්සාඩ් ගත නොකළ යුතු බව ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසනවා. “ඇයි මේ උතුරට දමිළ භාෂාව අවශ්‍ය? අමතක කරන්න එපා ජනසෙත පෙරමුණ ඕනෑම වෙලාවක මහා සංඝරත්නයේ ඉදිරියෙන් සිටිනවා. විග්නේශ්වරන්, තමුන්නන්සෙට පුළුවන් නම් එළියට බැහැලා වර කියපිය ඔය වගේ වචනයක්. තෝයි මායි දෙන්නා ගහ ගන්නේ මෙතන. තෝ හිතන්න එපා භික්ෂූන් වහන්සේලා...
මුල්ලිවයික්කාල් වලදී ලක්ෂයකට අධික අහිංසක ජනතාවක් බෝම්බ ගසා ඝාතනය කල බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් මහතා චෝදනා කරනවා. රූපවාහිනී වැඩසටහනක් හා සම්බන්ධ වෙමින් ඔහු මේ බව කියා සිටියා. ආරක්ෂිත කලාපයක පිහිටි මෙම ඉඩමට එලෙස අහිංසක ජනතාව ගෙන්වා ගෙන ඝාතනය කිරීම පිලිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පරීක්ෂණයක් බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරනවා. එම පිරිසෙන් එක් අයෙකුවත් ත්‍රස්තවාදීන් නොවන බවයි ඔහු එහිදී කියා සිටියේ. කෙසේ...
වසර දෙකකට ප්‍රමාණවත් තරම් රට තුළට වාහන ආනයනය කර ඇති බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර පැවසීමත් සමග වාහන අලෙවි ව්‍යාපාරිකයින් සෑම වාහනයක්ම ලක්ෂ 5 සිට ලක්ෂ 30 දක්වා වැඩි කර ඇති බව වාර්තා වේ. ආනයනය තහනම් කර ඇති නිසා දැනට වාහන තොග ඇති ව්‍යාපාරිකයන්ට එම වාහන සඟවා මිල ගණන් ක‍ෘත්‍රිමව ඉහළ දමා ඇත. මීට පෙර ලක්ෂ 60-70 අලෙවි කළ වාහන...
ස්වාධීන කණ්ඩායමක් විසින් මැතිවරණයක් වෙනුවෙන් තැන්පත් කළ යුතු ඇප මුදල රුපියල් ලක්ෂ සියය දක්වා ඉහළ දැමිය යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ඒමට සූදානම් වේ. එමෙන්ම යම් ලියාපදිංචි දේශපාලන පක්ෂයක් පළමුවරට ඉදිරිපත් වන මැතිවරණයේ දී ප්‍රමාණවත් ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන නොමැති නම් දෙවැනි වරට ඉදිරිපත් වන ඡන්දයේ දී තැන්පත් කළ යුතු ඇප මුදල ද රුපියල් ලක්ෂ පනහක් කළ යුතු බව නව...
අපේ රටම නැවත සැරයක් ඇවිස්සීමට උත්සහ කිරීම ගරු පාර්ලිමේන්තුවේ ගෞරවය කෙළෙසීමක් ලෙස සලකන බව සී. වී. විග්නේෂ්වරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අතුරු සම්මත ගිණුමේ විවාදයේ දෙවන දිනය වන අද (28) දිනයේ පාර්ලිමේන්තුව අමතමින්. “එතුමා කියනවා මේ රටේ පරණම භාෂාව කතා කරන්නේ ද්‍රවිඩ ජනතාවය කියලා....
වර්ෂ 2020 කොටින්ට අපල අවුරුද්දක් බවට තවත් අටුවා ටීකා අවශ්‍ය නැත. අගෝස්තු මාසයේ තුන්වැනි සතිය වනවිට මේ අවුරුද්ද තුළ මියගිය 8 වැනි කොටියාත් වාර්තා විය. ඒ පිළිබඳව මුහුණුපොතේ විශාල සංවාදයක් ගොඩනැගෙනු දුටුවෙමි. පරිසරවේදීන් මෙන්ම සොබාදම් රසිකයන්ද බොහෝ සංවේදනාවෙන් එයට එරෙහිව අදහස් පළ කරනු දැකගත හැකි විය. “මාස 8යි - කොටි 8යි - අනවසර දඩයමට එරෙහි වෙමු” බොහෝ දෙනා අතර හුවමාරු...
මත්ස්‍ය ආනයනයට වාර්ෂිකව වැය කෙරෙන විදේශ විනිමය පහත හෙළීම පැතිකඩ කිහිපයකින් සැලසුම් කළයුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. මාළු, කරවල, උම්බලකඩ සහ ටින් මාළු ආනයනයට වාර්ෂිකව රජය ඩොලර් මිලියන 500කට ආසන්න මුදලක් වැය කර තිබේ. ධීවර කර්මාන්තය දළ දේශීය නිෂ්පාදනයට මෙතෙක් දී ඇති දායකත්වය 1%කි. රට වටා මුහුදු තීරයෙන් සහ රට අභ්‍යන්තරයේ ඇති වැව් පද්ධතියෙන් නිසි ඵල ගෙන විදේශ...
සිංහරාජ වනාන්තරය ආශ්‍රිත මාර්ගයක් සම්බන්ධයෙත් ඇති වී ඇති ආන්දෝලනය හේතුවෙන් එම ප්‍රදේශය නිරීක්ෂණය සඳහා ජනාධිපතිවරයා පැමිණීමට නියමත බව වැවිලි ඇමැති රමේෂ් පතිරණ පැවැසීය.ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27 වැනිදා) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව ඉදිකෙරෙන මාර්ගය පිළිබඳව රජයේ ස්ථාවරය කුමක්දැයි මාධ්‍ය‌වේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඇමැතිවරයා මෙසේද පැවැසීය. ‘‘ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය මේ පිළිබඳව...
රුපියල් තුන්දහසක් වටිනා කෑම වේලක් රුපියල් දෙසීයකට මන්ත්‍රීවරයකුට ලබාදෙන බවට දේශකයකු පැවැසීම හේතුවෙන් නවක මන්ත්‍රීවරුන් සඳහා පැවැති වැඩමුළුවේ ඊයේ (26 වැනිදා) සවස දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. පාර්ලිමේන්තුවේ මුදල් අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඒ.එස්. උපනන්ද ඊයේ (26 වැනිදා) සවස ආහාරපාන සහ ගෘහ පාලන සේවා සහ පහසුකම් යන මාතෘකාව ඔස්සේ සිය දේශනය කළේය. එහිදී ඔහු ප්‍රකාශ කළේ මන්ත්‍රීවරයකුගේ උදෑසන ආහාරය රුපියල් 100කට, දිවා ආහාරය රුපියන්...
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (26) දිවුරුම් දෙනු ලැබුවා. මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ලේකම් පී.බි.ජයසුන්දර එක්ව සිටියා.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Number Portability (NP) පහසුකම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්), ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් විදුලි සංදේශ ක්ෂේත්‍රයේ පාරිභෝගිකයාගේ තෝරාගැනීමේ නිදහස ඉහළ නැංවීමට සමත්වන ජාත්‍යන්තරව පිළිගත් ක්‍රියාමාර්ග සහිත සැලැස්ම යළි ක්‍රියාවට නැංවීමට ගත් තීරණය අගයමින් එය...
විපක්ෂයේ සිටින සුලු පක්ෂ රජයට සහයෝගය දීමට සූදානම් නම් තමන් ඊට ඉඩ දෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නමුත් කිසි ලෙසකින්වත් ඔවුනට ඇමතිකම් ලබා නොදෙන බවයි ඔහු අවධාරණය කරන්නේ. කෙසේ වෙතත් මේ වන තුරු කිසිඳු පක්ෂයක් එවැනි නිල දැනුම් දීමක් කර නොමැති බවයි වාර්තා වන්නේ.
Mawurata.com -All rights by Free birds (pvt)Ltd