කොරෝනා වෛරසය ආසාදනය වී කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයෙකු පූර්ණ සුවය ලබා නිවෙස බලා ගොස් ඇත.

ඒ අනුව ආසාදනය වූ පුද්ගලයන් දස දෙනෙකු මේ වන විට සුවය ලබා තිබේ.

ඒත් සමඟම මෙරට රෝහල්වල කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලබන ප්‍රමාණය 103ක් වෙයි.

මේ අතර ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.