කොරෝනා වෛරසය වැළදුණු 55 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් එංගනතයේ, ලන්ඩන් නුවර පිහිටි Feltham ප්‍රදේශයේදී අද (28) දින ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගෙන් ඒ සම්බන්ධයෙන් අප සිදුකළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් වාර්තා වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් තානාපති කාර්යාලය හරහා කරුණු තහවුරු කර ගනිමින් සිටින බවයි.

මිට දින දෙකකට ඉහතදී යාපනය, පුන්කුඩිතීව් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් කොරෝනා වෛරසය වැළදීමෙන් ස්විට්සර්ලන්තයේදී ජිවිතක්ෂයට පත් වුණා.

Neth News