ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලා`න්කික පුරවැසියෙකු නොවන බව සඳහන් කරමින් ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුට තරඟ වැදීමට අවස්ථාව නොදෙන ලෙස ඉල්ලා ගොනු කල නඩුවේ තීන්දුව මීට ටික වෙලාවකට පෙර ප්‍රකාශයට පත් කෙරුනා.

ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ ගොනු කල මෙම නඩුවේ තීන්දුව ලබා දෙමින් අධිකරණය ප්‍රකාශ කර සිටියේ මෙම නඩුව ඉවත දමන බවයි.ඒ අනුව මෙම නඩුව නිෂ්ප්‍රභා කෙරුනු අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී තරඟ කිරීමට හැකියාව ලැබෙනවා.

පෙත්සමේ මූලික කරුණු විමසීම අභියාචනාධිකරණයේදී අද උදෑසන අවසන් වූ අතර ලිඛිත දේශණ ගොණු කිරීම සදහා අද පස්වරු 3.30 ට අවස්ථාව ලබාදී තිබුනා. මීට පෙර ලිඛිත දේශණ ගොණු කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබුණේ පස්වරු 3.15 ටයි.

මෙම පෙත්සමේ වැඩිදුර කරුණු විමසීම අද 3 වන දිනටත් අභියාචනාධිකරණ සභාපති, විනිසුරු යසන්ත කෝදාගොඩ, විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැදවනු ලැබූ අතර මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කිසිඳු පුද්ගලයෙකු සහභාගී වී නොසිටීම විශේෂිත කරුණක් වූවා.

Leave a Reply

  Subscribe  
Notify of