කොරෝනා රෝගය ලොව පුරා පැතිරීමත් සමග ලොව පුරා ප්‍රමුඛතම සමාගම් එම වෛරසයට එරෙහිව මානව වර්ගයා සිදු කරන සටනට දායකත්වය ලබා දීමට බොහෝ උත්සාහ කළේය.

නව කොරෝනා හෙවත් කොවිඩ් 19 මේ වනවිට ලොවම ගිලගෙන සිටින්නේ මිනිස් ජීවිත විසිදහසක් පමණ බිලිගනිමිනි. මිනිසාගෙන් මිනිසාට ආසාධනය වන වෛරසයක් වන කොවිඩ් 19 හේතුවෙන් ලොව රටවල් බොහෝ ප්‍රමාණයක් මේ වනවිට අඩපණව තිබේ.

ලොව ප්‍රමුඛතම තීන්ත නිපැයුම් සමාගම වන ජපානයේ නිපෝන් සමාගමද විශාල මුදලක් වැය කරමින් කොවිඩ් 191 වෛරසයට එරෙහි සටනට අවතීර්ණ වූයේ නව විද්‍යාත්මක පරීක්ෂණ රැසක් සිදු කරමිනි.

එහි අග්‍රඵලය වූයේ ‘වෛරස පැතිරීම වලක්වන’ ආලේපන තීන්ත වර්ගයක් ලොවට දායාද වීමෙනි. නිපෝන් සමාගමේ පරීක්ෂණයන් විසින් සොයා ගත් මෙම නව තීන්ත වර්ගයේ ක්‍රියාකාරීත්වය විද්‍යාත්මකව ලොව පුරා විද්‍යාගාර රැසකදී තහවුරු වි ඇත.

නිපෝන් සමාගම විසින් සිල්වර් අයන,සින්ක් අයන හා සක්‍රීය ඔක්සිජන් සංඝටක සංයෝජනය කරමින් නව්‍ය ක්ෂුද්‍ර තාක්ෂණය යටතේ නිෂ්පාදනය කර ඇති මෙම වෛරසය පැතිර යාම වලක්වන තීන්ත තොගයක් චීනයේ හුබේයි ප්‍රාන්තයේ රෝහල් වලට පරිත්‍යාග කළේ කොරෝනා සමග සටන් වදිනා චීනයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඉතා සහනයක් වෙමිනි.

රුපියල් මිලියන 130ක් වටිනා මෙම තීන්ත තොගය කොරෝනා ආසාධිතයන්ට ප්‍රතිකාර කරනා චීනයේ හුබේයි ප්‍රාන්තයේ රෝහල් හතරක ආලේප කල බව නිපෝන් සමාගම පවසා සිටිනවා.

කොරෝනා වෛරසය බිත්ති මතුපිට දින නවයක කාලයක් ජීවිව පවතිනවා යැයි පැවසෙන අතර මෙම නව තීන්ත ආලේප කිරීම මගින් වෛරසය රෝහල් තුල පැතිරීමේ අවදානම සැලකිය යුතු ප්‍රතිශතයකින් අවම වන බව චීන සෞඛ්‍ය බලධාරීන් පවසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රචලිත නිපොලැක් තීන්ත නිෂ්පාදනය කරන්නේ අන්තර්ජාතික නිපොන් තීන්ත සමාගම විසිනි.

මේ සම්බන්ධයෙන් පලවූ පුවත්පත් වාර්තාව පහළින්,

https://prn.to/2vXlDew