බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමාරයා වන චාල්ස් කුමාරයාටද කොරෝනා රෝගය වැළඳී තිබෙනවා.

බකිංහැම් මාලිගාවේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටින්නේ පසුගිය දින කිහිපයේදී චාල්ස් කුමරු නිවසට වී සිටි බවයි.

බ්‍රිතාන්‍ය ද කොරෝනා වසංගතයට ගොදුරු වූ රටක් වන අතර එරට සාමාන්‍ය ජන ජීවිතයද මේ නිසා අඩාල වී තිබෙනවා.