පොහොට්ටුව ලකුණෙන් ජනාධිපතිවරණයට තරඟ කරන්නේ නම් තමන්ට සහාය දැක්විය විය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමිනුයි.

දෙපාර්ශවය අතර මාස ගණනාවකදීම සාකච්චා වට කිහිපයක්ම පැවති අතර අවසන් තීරණයක් ගැනීමට බාධාවක්ව පැවතියේ ,පොහොට්ටුව ලකුණින් තරඟ කරන්නේ නම් සහයෝගය දැක්විය නොහැකි බවට වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොන්දේසිය නිසාවෙනුයි.දෙපාර්ශවයම ඒ පිලිබඳව නිශ්චිත එකඟතාවයකට නොපැමිනි අතර වරෙක පොදු ජන පෙරමුණ පාර්ශ්වයෙන් කියා තිබුනේ “ලකුණ” ඒ තරම් ගැටලුවක් කරගත යුතු නොමැති බවයි.

මේ අතර ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් තිදෙනෙකු අතර සාකච්ඡාවක් අද රාති‍්‍රයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර වීරකුමාර දිසානායක සදහන් කළේ පක්‍ෂ මහලේකම් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් එම සාකච්ජාවට සහභාගි වන බවයි.

Leave a Reply

  Subscribe  
Notify of