කෝටිපති ව්‍යාපාරිකයකු ‌ලෙස සැලකෙන දිලිත් ජයවීර මහතා තමන්ට අයත් වස්කඩුව සිට්රස් තරු පහේ ‌හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයක් ‌ලෙස බාරදීමට පියවර ‌ගෙන ඇත.

කොරෝනා වසංගත රෝග තත්ත්වය හමුවේ රට මුහුණ දී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් කාමර 150 කින් යුතු සිය හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයක කටයුතු සදහා ලබා ගන්නා ‌ලෙස එහි විධායක අධ්‍යක්ෂ දිලිත් ජයවීර මහතා දැනටමත් ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක් කර ඇත.

දේශිය හා ගෝලීය වශයෙන් සිදුව ඇති හානිය පිලිබද සංවේදි වෙමින් කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානී ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාට මේ බව නිල වශයෙන් දැනුම් දීමටද පියවර ‌ගෙන ඇත.

උපුටා ගැනීම – මවුරට පුවත්පත