ගාල්ල නගර සභාවේ හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා විසින් ජනාධිපතිවරණයට එරෙහිව පෙත්සමක් ගොනු කර තිබෙනවා.අද දහවල් ගොනු කර ඇති මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සහ නීතිපතිවරයා නම් කොට තිබෙනවා.මෙත්සිරිද සිල්වා මහතා මෙමඟින් ඉල්ලා ඇත්තේ ජනාධිපතිවරණය සදහා ඔක්තෝබර් මස 07 දා නාමයෝජනා කැදවීමට මැතිවරණ කොමිෂන් සභාව ගෙන ඇති තීරණය අත්හිටුවීමට රිට් නියෝගයක් නිකුත් කරන ලෙසටයි.

වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 ක් බවත් එය වසර 5 ට සීමා වුවහොත් මහජනතාවගේ ස්වාධිපත්‍යයට හානියක් සිදු වන බව පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර ඇත්තේ.

Leave a Reply

  Subscribe  
Notify of