සමගි ජන බලවේගයේ දිස්ත්‍රික් නායකයෝ ජන
සමගි බලවේගයේ දිස්ත්‍රික් නායකයන් ප්‍රකාශයට පත් කර ඇති බව මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර පවසයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරයි. ඔහු මෙතෙක් මැතිවරණවලට ඉදිරිපත් වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි.

මොනරාගල දිස්ත්‍රික්කයෙන් එජාප යටතේ මැතිවරණවලට ඉදිරිපත් වූ සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාරගේ නම ජාතික ලැයිස්තුවට එක් කර ඇත. ගම්පහ දිස්ත්‍රික් නායකයා වන්නේ එඩ්වඩ් ගුණසේකරය. කළුතර දිස්ත්‍රික්කය සඳහා අජිත් පී. පෙරේරා, ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ගයන්ත කරුණාතිලක, මාතර දිස්ත්‍රික්කය සඳහා මංගල සමරවීර නම් කර ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා දිලීප් වෙදආරච්චි , මොනරාගල දිස්ත්‍රික්කය සඳහා ආනන්ද කුමාරසිරි, බදුල්ල දිස්ත්‍රික්කය සඳහා රවින්ද්‍ර සමරවීර පත් කර තිබේ. රත්නපුර දිස්ත්‍රික්කය සඳහා තලතා අතුකෝරල, කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා කබීර් හෂීම්, මහනුවර දිස්ත්‍රික්කය සඳහා ලක්ෂ්මන් කිරිඇල්ල, මාතලේ දිස්ත්‍රික්කය සඳහා වසන්ත අළුවිහාරේ පත් කර ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා පත් කර ඇත්තේ පලනි දිගම්බරන්, පුත්තලම දිස්ත්‍රික්කය සඳහා නිරෝෂන් පෙරේරා, කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා අශෝක් අබේසිංහ නම් කර තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා චන්ද්‍රානි බණ්ඩාර, පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා සිඩ්නි ජයරත්න, අම්පාර දිස්ත්‍ර්‍රික්කය සඳහා චන්ද්‍රදාස ගලප්පත්ති පත් කර ඇත. මඩකලපුව දිස්ත්‍රික්කයට අමීර් අලි ද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අබ්දුල් මහරුෆ්, වන්නි දිස්ත්‍රික්කය සඳහා රිෂාඩ් බදියුර්දීන්, යාපනය දිස්ත්‍රික්කය සඳහා වී. ගනේෂන් සමගි ජන බලවේගයේ කණ්ඩායම් නායකයන් ලෙස පත් කර ඇත.