පවතින තත්වය හමුවේ එකවර රටක් “ලොක් ඩවුන්”කල නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

ඇය පෙන්වා දෙන්නේ යම් හෙයකින් එලෙස කලහොත් දෛනික වැටුපෙන් ජීවත්වන ජනතාව එහිදී අසරණ වන බවයි.

නමුත් පවතින තත්වය රජය තේරුම් කරගෙන තිබෙන බවත්,ඉතාලියේ සිට පැමිණි බහුතරයක් ජීවත් වන පුත්තලම ආශ්‍රිත ඇතැම් ප්‍රදේශ සිතියම්ගත කොට ඇති බවත් එවැනි ප්‍රදේශවල සංචාරය කිරීම ඉදිරියේදී අවම කිරීමට හෝ තහනම් කිරීමට අවධානය යොමු කරන බවයි ඇය එහිදී කියා සිටියා.