කොරෝනා සෑදුනු ශ්‍රී ලංකන් ගුවන් නියමුවා කොළඹ ජනප්‍රිය පාසල් බිග් මැච් එකත් නරඹන්න ඇවිල්ලා

කොරෝනා බවට අද (16) තහවුරු කරන ලද එක් රෝගියෙකු ජනප්‍රිය පාසල් දෙකක් අතර පසුගියදා පැවති පැවති පාසල් ක්‍රිකට් තරඟයකටද සහභාගී වී ඇති බවට කරුණු හෙලි වී තිබෙනවා.

ගල්කිස්ස ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ආදි සිසුවෙකු වන ඔහු එම ක්‍රිකට් තරඟය පැවති ක්‍රීඩාංගණයේ “හට්” එකක් යට මිතුරන් සමඟ තරඟය නැරඹූ බවයි පැවසෙන්නේ.

ඒ අනුව මෙම තරඟය නැරඹීමට පැමිණි , එම “එළිමහන් ආවරණයේ” රැඳී සිටි සෙසු පුද්ගලයින්ටද ස්වයං නිරෝධායනය සිදු කරන ලෙසට බලධාරීන් උපදෙස් ලබා දී තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකන් එයාර්ලයින් ආයතනයේ සේවය කරන ගුවන් නියමුවෙකු වන අතර ,ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සේවකයින්ටද ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසට ඉල්ලා සිටිනවා.

ඔහුගේ නම මවුරට වෙබ් අඩව්යට ලැබී තිබුනද සදාචාරාත්මක හේතුන් මත අප එය පල නොකරන අතර ඔබට අවශ්‍ය නම් අපගේ ෆේස්බුක් පිටුවට පණිවුඩයක් එවා තවත් තොරතුරු දැනගත හැකිවෙනවා.