රට පුරා පැතිර යන කොරෝනා වෛරසය නිසාවෙන් අද දිනය නිවාඩු දිනයක් ලෙසට රජය විසින් ප්‍රකාශයට පත් කොට තිබූ අතර , කිසිඳු ජන රාශියක් සිදු නොකරන ලෙසට උපදෙස් ලබා දී තිබුනා.

රටපුරා වන්දනා ගමන්,චාරිකා ආදි සියල්ලම තහනම් කල අතර කිසිඳු දේශපාලන ජනහමුවක්ද නොපවත්වන ලෙස බලධාරීන් සඳහන් කර තිබුනේ එය කොරෝනා වෛරසය පැතිර යාමට ඉඩකඩක් ලබා දෙන ක්‍රියාවක් නිසාවෙනුයි.

දකුණු කොරියාවේ කොරෝනා වෛරසය පැතිර යාමට බලපෑ ප්‍රධානතම හේතුවක් වූයේද එහි පැවති ආගමික උත්සවයකට ජනතාව සහභාගී වීම වන අතර එම නිසාවෙන් එයට සහභාගී වූ පිරිස් මෙම වෛරසයට ගොදුරු වී තිබුනා.

එම පුද්ගලයින්ගෙන් වෛරසය අන් අයටද පැතිර යනු ලැබුවා.

එම තත්වය ආදර්ශයට ගෙන ශ්‍රී ලංකාවේද කිසිම උත්සවයක් හෝ ජනතාව ඒකරාශි වන කිසිඳු කටයුත්තක් නොකරන ලෙසට උපදෙස් ලබා දී තිබූ අතර එම උපදෙස් කඩ කර දේශපාලන රැස්වීමක් පැවැත්වූ අවස්ථාවක් පිලිබඳව වාර්තා වනවා.

අද උදෑසන මෙම රැස්වීම පවත්වා ඇත්තේ කඩුවෙල දී.

විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අභියෝගාත්මක අවස්ථාවේදී පවා, ඒ බව වටහා ගත නොහැකි වූ රජයේ ප්‍රබලයින් දෙදනෙකුද මෙම රැස්වීම සඳහා සහභාගී වීමයි.

ඒ හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතායි.

නියෝජනය කරන පක්ෂය කුමක් වුවද මෙවැනි වැරදි පූර්වාදර්ශයන් දේශපාලන නායකයින් විසින් ජනතාවට ලබා දීම කිසිසේත්ම අනුමත කල නොහැකි කරුණකි.

හාස්‍යය නම් එක් අයෙකුගෙන් පවා බෝවිය හැකි කොරෝනා වෛරසය පිලිබඳව රජය මෙතෙක් දැනුවත් කරන විටද , තම ජීව්තය මෙන්ම පවුලේ සෙසු අයගේ ජීව්තද අවධානමේ දමමින් මෙවැනි රැස්වීම් සඳහා පාක්ෂිකයින්ද සහභාගී වීමයි.