22 වන කොරෝනා වෛරස් රෝගියා ගාල්ලෙන් හමුවේ (BREAKING NEWS)

22 වන කොරෝනා වෛරස් රෝගියා ගාල්ල, කරාපිටිය රෝහලෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

මෙලෙස කොරෝනා වෛරසයට ගොදුරුව ඇත්තේ වයස අවුරුදු 72ක් වයසැති පුද්ගලයෙක්.

…………………………………………….

ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 21ක් දක්වා ඉහලට

(16-03-2020 14:49)

ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත රෝගීන් තිදෙනෙක් තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කරනවා ඒ අනුව ශ්‍රී ලංකාව තුළ වන රෝගීන් සංඛ්‍යාව 21ක් දක්වා ඉහල යනු ඇති.

වයස අවුරුදු 13 ක් ගැහුණු දරුවෙක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් ඒ අතර සිටින බවයි වෛද්‍යවරයා කියා සිටියේ. මෙම පිරිමි පුද්ගලයින් දෙදෙනා 37 හැවිරිදි සහ 50 හැවිරිදි වියේ පසුවනවා.

මේ වන විට එම රෝගීන් කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

Neth News