චීනයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ අලිබබා ඊ-වාණිජ්‍ය වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජැක් මා විසින් කොවිඩ්-19 වෛරසයෙන් පීඩා විඳින යුරෝපය පුරා බෙදාහැරීම සඳහා ආරක්ෂිත මුහුණු ආවරණ මිලියන දෙකක් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දී ඇත.

ඒ අනුව එහි පළමු වැනි තොගය ඊයේ බෙල්ජියම වෙත ලැබුණු බව විදෙස් වර්තා සඳහන් කළේය.

එහිදී මුහුණු ආවරණ 500,000ක් සහ පරීක්ෂණ කට්ටල වැනි වෛද්‍ය සැපයුම් පටවා ඇති භාණ්ඩ ගුවන් යානයක් එරට ගුවන් තොටුපළකට ගොඩ බස්සවා තිබුණි.

Ada derana