ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත් මඟ සංවිධානයේ නියෝජිතයින් පිරිසකට ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් තරඟ කිරීමට නාම යෝජනා ලැබෙනු ඇතැයි මාස කිහිපයක සිටිම අසන්නට ලැබුනා.

නමුත් අපේක්ශා කල පරිදි එවැන්නක් නොවී ඉන් කිහිප දෙනෙකු පමණක් මෙවර නාම යෝජනා ලැයිස්තුවට ඇතුලත් වී තිබෙනවා

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් නාලක ගොඩහේවා මහතාට පමණක් අවස්ථාව ලැබී තිබෙන අතර ලලිත් පියුම් පෙරේරා මහතාට අපේක්ෂකත්වය ලැබී නැහැ.

එමෙන්ම කොළඹින් අපේක්ෂා කල දෙදෙනෙකුටම නාම යෝජනා නොලැබී ඇති අතර කුරුණෑගල දිස්ත්‍රිකකයේ චරිත හේරත් මහතාටද නාම යෝජනා ලැබී නැහැ.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඕෂධී හේවාමද්දුම මහත්මියට අපේක්ෂකත්වය ලැබී ඇති අතර දැනගන්නට ලැබෙන පරිදි බදුල්ලේ එකම කාන්තා නියෝජනයද ඇය පමණක් වනවා.

එමෙන්ම කුරුණෑගලින් ව්‍යාපාරික කැලුම් ජයසුමන මහතාටද අවස්ථාව නොලැබුන අතර මවුරට වෙබ් අඩවියට වාර්තා වන ආකාරයට ඔහු ජාතික නිදහස් පෙරමුණ සමඟ කලක් සමීපව වැඩ කල අතර එහි අක්‍රමිකතාවයන් පිලිබඳව දැනගත් පසුව ඉන් ඉවත් වී තිබෙනවා.එම නිසා අමාත්‍ය විමල් වීරවංශ මහතාද ඔහුට නාම යෝජනා ලබා දෙනවාට විරුද්ධත්වය පල කොට ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ මැයි දිනයේදී බස් රථවලින් ජනතාව ගෙන්වූ නායකයින් කවුද යන්න තමා හොඳින්ම දන්නා නිසා ඒ අයට මෙවර නාම යෝජනා ලබා දීමට වැඩි උනන්දුවක් දැක්වූ බවයි .

කෙසේ වෙතත් බහුතර ජනතාවකගේ සිතෙහි පැවතියේ , පාර්ලිමේන්තුව නියෝජනය කල මන්ත්‍රීවරුන් කෙරෙහි කලකිරී සිටි බැවින් නව ජනාධිපතිවරයාට ගැලපෙන සහ ඔහුගේ වැඩ කටයුතුවලට ශක්තියක් ලබා දීමට බුද්ධිමත් පිරිසක් අවශ්‍ය යන අදහසයි .

එහෙත් පසුගියවර සිටි අයගෙන් 95% කටම පමණ නාම යෝජනා ලැබී තිබෙනවා.