කොරෝනා වෛරසය වැළදුණු තවත් රෝගීන් දෙදෙනෙක් හමුවූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා. මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති මුළු කොරෝනා රෝගීන් ගණන 10 ක් වනවා.

මෙලෙස හඳුනාගෙන ඇති 09 වන රෝගීයා 56 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය ඉතාලියේ සිට මෙම මස 07 වනදා මෙරටට පැමිණ ඇති අතර ඇය දැනට IDH රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මිට අමතරව කොරෝනා වෛරසය වැළදුණු 10 වන රෝගියා 17 හැවිරිදි තරුණියක් වන අතර ඇය කලින් තහවුරු කර ගත් රෝගියෙකුගේ ඥාතියෙක් බවයි වෛද්‍ය අනිල් ජාසිංහසඳහන් කලේ.