බස් රථවල රැගෙන යන මගීන් සංඛ්‍යාව සීමා කිරීම කෙරෙහි අවධානය

බස් රථවල රැගෙන යන මගීන් සංඛ්‍යාව සීමා කිරීම කෙරෙහි ලංකා ගමනාගමන මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.
ඒ, ඊයේ පස්වරුවේ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ය.

ඒ යටතේ ආසන සංඛ්‍යාවට අමතරව තවත් සුළු මගීන් සංඛ්‍යාවක් පමණක් රැගෙන යනු ඇති.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී, ධාවන, ඒ.එච් පණ්ඩුක මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් මගී ප්‍රවාහනය සඳහා බස් රථ වැඩි ප්‍රමාණයක් යෙදවීමට අපේක්ෂා කරන බවයි.

ඊට අමතරව සියලු රියැදුරන්ට සහ රිය සහායකයින්ට මුව ආවරණ ලබාදීමට ද එහිදී තීරණය කළ බව ඔහු සඳහන් කළේ ය.

ඉදිරියේදී ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකෙරෙනු ඇති.

ලංකා ගමනාගමන මණ්ඩලය එම තීරණ ගෙන ඇත්තේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ය.