ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස හිටපු රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ පත්කළ යුතු බවට එම පක්ෂයේ දිස්ත්‍රික් බල මණ්ඩලය ඊයේ (12 වැනිදා) රැස්වී යෝජනාවක් සම්මත කරගන්නා ලද අතර, එම පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත් රොෂාන් රණසිංහ දිස්ත්‍රික් නායකයා කරන එම යෝජනාව ඉදිරිපත් කළේය.

“පක්ෂයක් හැදුවොත් පාරක් පාරක් ගානේ ඇවිද්දවනවා කියපු පක්ෂය තමයි දැන්මේ කණ්ඩායම් නායකත්වය ඉල්ලන්නේ. නායකත්වය ඉල්ලන්න එක කුමන්ත්‍රණයක් විදිහට අපි දකිනවා හැමදාම කරන එතුමලාගේ මනාප ජිල්මාට් එක දැමීමේ උපායක් මේක, අපේ කූඩුවේ අපි බිත්තර දානවා මිසක් අපිට අනුන්ගේ කූඩුවල බිත්තර දාන්න බැහැ. එතුමාට මේ කණ්ඩායම ඇතුළේ තරග කරන්න ඉඩ දෙන්න කියන එක ප්‍රශ්නයක් නැහැ. යැයි හිටපු රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් කණ්ඩායම් නායකයින් නාමයෝජනා පත්‍ර වලට පෙරේදා (11 වැනිදා) අත්සන් කළද, පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා කිසිවෙකු අත්සන් නොකළේය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුව කණ්ඩායම් නායකත්වය ඉල්ලා තිබුණි. නමුත්,එය ඔහුට නොලැබුණි.