මෙරට රැඳී සිටින චීන ජාතිකයින් නිරෝධායනය නොකරන්නේ මන්දැයි බොහෝ දෙනා පසුගිය දිනවල විමසනු ලැබූවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාද සඳහන් කර සිටියේ පසුගිය සති කිහිපයේදී පැමිණි චීන ජාතිකයින් 240 ක් මේ වනවිට රටපුරා සිටින බවයි.

මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය අනිල් ජයසිංහ මහතා කරුණු දැක්වූවා.

ඔහු සඳහන් කර සිටින්නේ චීනය විසින් කොරෝනා රෝගය මේ වන විටත් සාර්ථකව මැඩ පවත්වමින් සිටින බැවින් චීන ජාතිකයෙකුගෙන් මෙම රෝගය සම්ප්‍රේෂණය වීමේ ඉඩකඩ ඉතා අවම මට්ටමක පවතින බවයි.

මෙම නිරෝධායනයන් සහ එය සිදු කරන ආකාරය විද්‍යාත්මකව සිදු වන්නක් බවද එහිදී ඔහු පැහැදිලි කර සිටියා.