දකුණු කොරියාව,ඉතාලිය සහ ඉරානයේ සිට එන සියලූම යානා වහාම නවත්වයි

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය සිට පැමිණෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජි.ඒ.චන්ද්‍රසිරි ප්‍රකාශ කර සිටියේ මේ වන විටත් ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන ගුවන් යානා මේ වන විටත් එම රටවල් මගින් අත්හිටුවා ඇති බවයි. එමෙන්ම දකුණු කොරියාවේ සිට පැමිණෙන අවසන් ගුවන් යානය ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවයි ඔහු කියා සිටියේ.

කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී මාධ්‍යවේදීන් සමග අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.