නිරෝධායන සඳහා යොමු කර ඇති පුද්ගලයන්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාව කුඩා ආර්ථිකයක් ඇති රටක් ලෙස උපරිම ලෙස කටයුතු කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

ඔවුන් සඳහා කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි පවා ලබා දී ඇත්තේ යුද හමුදාව භාවිත කරන ඒවා බවත් ඒවා ලබා දී අද වන විට යුද හමුදාව බිම නිදාගන්නා බවද ඔහු පැවසීය.

නිරෝදායනයේ යොදවා සිටි එක් පුද්ගලයෙක් සමාජජාල වෙත එක් කර තිබූ ඡායාරූපයක් ගැන අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ යුද හමුදාව කිසිසේත්ම බෝතල් කපා කිරි ලබාදෙන ජාතියේ යුද හමුදාවක් නොවන බවයි.

ශ්‍රී ලංකා යුද හමුදාවට ගස්-ගල් මුල නිදාගෙන පුරුදු බවත් මෙවන් කැපකිරීමක් කළ නිසා අද රටම ජාතියම කොට්ට මෙට්ට ඔලුවට තබාගෙන නිදා ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු ,

” අපි පොඩි ආර්ථිකයක් තියෙන රටක ඉන්න හමුදාවක්. අපේ ඇඳන් දෙදාහක් කොට්ට මෙට්ට බ්ලැන්කට් ඔක්කොම එක්ක යවල අපි බිම නිදාගන්නේ….”

”මම අද දැක්ක සමාජ මාධ්‍යයේ ප්ලාස්ටික් බෝතල් කපල කෝප්ප හදල තේ බොන්න දුන්න කියල හමුදාවෙන්…”

“අපි එහෙම දෙන හමුදාවක් නෙමෙයි”

“තුන් වේලම බත් මාලු උයල, වෙනම එළවලු තම්බල දීල, හවසට කොත්තමල්ලි දීල, පොඩි ළමයින්ට යෝගට් දීල අපි ඒ ගොල්ලන්ව බලාගන්නේ…”

“ඒ ගොල්ලන්ට මේ තත්වය ගැන හරිහැටි අවබෝධයක් නැතුව ඇති.”

“අපේ හිතේ ඒ ගොල්ලො එක්ක එහෙම අමනාපයක් නෑ.”

එම අදහස් දක්වද්දී හමුදාපතිවරයාට එක් අවස්ථාවක හැඬුම්බර වනු දක්නට ලැබිණි

වීඩියෝ අනුග්‍රහය (දෙරණ)
Source-Neth Gossip