එල්ල වන දෝෂාරෝපණ වර්ධනය වන හෙයින් මහ මැතිවරණයේදී වෙන්ව තරග කරන්නේද යන්න පිළිබඳව අද (12 වැනිදා) පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ‘අරුණ’ට ඊයේ (11 වැනිදා) පැවැසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දෝෂාරෝපණය කිරීම වර්ධනය වන තත්ත්වයක් මත පක්ෂයට ගත හැකි විකල්ප පිළිබඳ අනිවාර්යයෙන්ම සාකච්ඡා කරන බවත් මහාචාර්යවරයා කීවේය.

පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ කොළඹ පිහිටි නිව​සේදී අද සවස මධ්‍යම කාරක සභාව රැස් වන අතර වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර පේෂල ජයරත්න ද ප්‍රකාශ කර ඇත්තේ පවතින තත්ත්වය මත මහ මැතිවරණයේදී වෙනම තරග කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අදහස් කර ඇති බවය.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය වෙනුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව යටතේ මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බව මැතිවරණ කොමිෂන් සභාවට මේ වන විට දැනුම් දී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සන්ධානයට සම්බන්ධ සෙසු පක්ෂවලට ද තරග කිරීමට සිදුවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේය. නාම යෝජනා භාරදීමට ඇත්තේ තවත් සතියක් පමනක් වන නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නාම යෝජනා ප්‍රමාණය පිළිබඳව මෙතෙක් කිසිදු සාකච්ඡාවක් හෝ පවත්වා නැතැයි එම පක්ෂ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක ඊයේ (11 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

Source -අරුණ පුවත්පත