ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් තරඟ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද නාමයෝජනා පත්‍ර අත්සන් තැබූවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ නායකයා ලෙසින් දිනේෂ් ගුණවර්ධන මහතාද,මහනුවර දිස්ත්‍රික්කය වෙනුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතාද,කලුතර දිස්ත්‍රික්කය වෙනුවෙන් රෝහිත අබඅබේගුණවර්ධන මහතාද අත්සන් තැබූවා.

පුත්තලම වෙනුවෙන් සනත් නිශාන්තද ,රත්නපුරය වෙනුවෙන් වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ද අත්සන් තැබූ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ නායකයා ලෙසින් අත්සන් කලේ නිමල් සිරිපාලද සිල්වා මහතායි.

හම්බන්තොට නායකත්වය නාමල් රාජපක්ෂ මහතාටද,මොණරාගල දිස්ත්‍රික් නායකත්වය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාටද ලැබී තිබෙනවා.