බත්තරමුල්ලේ සිට පැය භාගයයි..ගාස්තුව රුපියල් 60 යි. වැල්ලවත්ත දක්වා අද සිට බෝට්ටු සේවය ඇරඹෙයි (PHOTOS)

වැල්ලවත්ත සිට බත්තරමුල්ල පරිපාලන කේන්ද්‍රය දක්වා අභ්‍යන්තර ජලමාර්ග ඔස්සේ මගී ප්‍රවාහන බෝට්ටු සේවාව එළඛෙන මාර්තු 11 වන බදාදා පෙරවරු 08.00 ට උත්සවාකාරයෙන් සිදු කෙරේ. වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව අසල බෝට්ටු නැවතුම් අංගනයේදී පැවැත්වෙන සමාරම්භක උත්සවය සදහා නාගරික සංවර්ධන හිටපු රාජ්‍ය අමාත්‍ය ගාමිනී ලොකුගේ මැතිතුමා සහභාගිවීමට නියමිතය.

වැල්ලවත්ත ප්‍රදේශයේ සිට බත්තරමුල්ල පරිපාලන කේන්ද්‍රය දක්වා පැමිනීමේදී මගී ජනතාව විවිධ දුශ්කරතාවයන්ට ලක්වන අතර උග්‍ර රථවාහන තදබදයට හසුවීමෙන් ඇතිවන කායික මානසික පීඩාවට ලක්වීමටද සිදුවේ. මෙම තත්ත්වයට ස්ථීර පිළියමක් වශයෙන් මගී ප්‍රවාහන බෝට්ටු සේවාව හදුන්වාදිය හැකි අතර මිනිත්තු 20 ක් වැනි කෙටි කාලයක් තුළ ගමනාන්තයට ලගාවිය හැක.

මෙම මගී ප්‍රවාහන බෝට්ටු සේවාව ආරම්භ කිරීම පිළිබද මූලික සැලසුම් සකස්කිරීම එවකට රාජ්‍ය ආරක‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වශයෙන් කටයුතු කරන ලද වර්ථමාන ජනාධිපති ගෝඨාභය රාජපක‍ෂ මැතිතුමාගේ උපදෙස් මත සිදු කරන ලදී. ඒ අනුව වර්ථමාන ජනාධිපති තුමාගේ උපදෙස් මත ශී්‍ර ලංකා ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාව විසින් මෙම මගී ප්‍රවාහන බෝට්ටු සේවාව ක්‍රියාත්මක කරනු ලබයි.
නාවික හමුදාවේ සම්පූර්ණ සහයෝගය සහ දායකත්වය ඇතිව ක්‍රියාත්මක කරනු ලබන මගී ප්‍රවාහන බෝට්ටු සේවාව පවත්වාගෙන යාමේ වගකීම ඛඍෘක‍ ආරක‍ෂක සේවා සමාගම විසින් දරනු ලබයි.

මෙම මගී ප්‍රවාහන බෝට්ටු සේවාව ආරම්භ කිරීමත් සමග අඩු කාලසීමාවක් තුලදී අවම ගාස්තුවක් යටතේ මානසික ආතතියකින් තොරව ස්වභාවික පරිසරයේ සුන්දරත්වය හා විවිධත්වය අත්විදිමින් වඩාත් සුවපහසු නැවුම් හා ආරක‍ෂාකාරී අත්දැකීමක් ලබාගැනීමට මෙරට මගී ජනතාවට හැකියාව ලැඛෙනු ඇත.