රස්නය වැඩියි නේද? මේ වසරේ දැනට පමණක් කැළෑ ගිනි තැබීම් 140 ක් වාර්තා වේ

මේ වසරේ ගත වූ කාලය තුළ කැළෑ ගිනි ගැනීම් 140ක සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ජනවාරි මාසයේ සිට මෙම මාසය දක්වා සිදුව ඇති මෙම කැළෑ ගිනි ගැනීම් හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුව ඇති බව එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පෙන්වාදෙයි.

විවිධ පුද්ගලයින් විසින් සිදුකරන ගිනි තැබීම් ද මෙම තත්ත්වයන්ට හේතු වී ඇති අතර එවැනි පුද්ගලයින් සොයා ආරක්ෂක අංශ විමර්ශන සිදුකරන බව ඔහු සඳහන් කළේය.

මේ අතර පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ කළුතර දිස්ත්‍රික්කයේ පමණක් පවුල් 50,000 කට වැඩි සංඛ්‍යාවක පුද්ගලයින් පානීය ජල ගැටළුවකට මුහුණ දී සිටින බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළා.

ඔවුන්ට අවශ්‍ය ජලය සැපයීම සදහා මේ වන විටත් ජල සම්පාදන මණ්ඩලය සමඟ එක්ව කටයුතු කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Ada Derana