නිරෝධායනයට 7500ක් අය කරන කතාව බොරු..රණවිරුවන්ව අපහසුතාවයට පත් කිරීමට කල වැඩක් බව හෙලිවේ

නිරෝධායන කටයුතු සඳහා යොමු කරන කිසිදු පුද්ගලයෙකුගෙන් ගාස්තුවක් අය නොකරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කරනවා.

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය හා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානවලින් දෛනිකව සපයනු ලබන ආහාර වෙනුවෙන් මුදල් ගෙවීමට රජය නියම කර තිබෙන බව විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත් මෙය කිසියම් අයෙකු විසින් නිර්මාණය කරන ලද ව්‍යාජ ලියවිල්ලක් බවයි වාර්තා වන්නේ.

Previous news

දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට අද අලූයම දිවයිනට පැමිණි පිරිස මඩකලපුව සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම මේවනවිට සිදුකෙරෙමින් පවතිනවා. දකුණු කොරියාවේ සිට පුද්ගලයින් 166 දෙනෙකු සහ ඉතාලියේ සිට පුද්ගලයින් 16 දෙනෙකු අද අලූයම දිවයිනට පැමිණියා.

ඔවුන් පළමුව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැුගෙන ගොස් ඒ අතරින් තෝරාගත් පිරිසක් මඩකලපුවේ පෞද්ගලික විශ්ව විද්‍යාලයේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකරවීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ අනුව මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙන්නේ පවුල් වශයෙන් පැමිණි පුද්ගලයින්වයි.

මේ අතර අද අලූයම දිවයිනට පැමිණි පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයට පැවරී තිබුණු අතර ඒ සඳහා යොදවා තිබූ බස්රථ ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළේදී ගැයලූකාරී තත්ත්වයක් මතුවුණා. ඒ, එම පිරිස රැුගෙන ආ ගමන් මළු විශාල වීම හේතුවෙන්.

ඒ අනුව එම ගැටලූකාරී තත්ත්වය මගහරවා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි යුද හමුදාව කැඳවීමට සිදුවුණා. ඒ අනුව යුද හමුදා බස්රථ කිහිපයක් අතිරේකව යෙදවූ අතර ගුවන් මගින් ද පිරිසක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත පිටත් කර යවා තිබෙනවා.

අද සිට දින 14 ක් නිරෝධායනය සඳහා රඳවා තිබෙන එම පිරිසට ආහාර පාන ඇතුළු සියලූ පහසුකම් සැපයීම යුද හමුදාව මගින් භාරගෙන ඇති බවයි යුද හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත කියා සිටියේ.