අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර පැය 72ක් ගතව තිබුනද හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාව මේ වන විටත් අත් අඩංගුවට ගැනීමට නොහැකි වී තිබෙනවා.

ඔහුව සොයා කිහිප වතාවක්ම ඔහුගේ බත්තරමුල්ලේ පිහිටි නිවසට ගොස් තිබුනද ඔහු එහි රැඳී සිට නැහැ.

මේ අතර එම නිවසට පාර්සල් රැගත් කාන්තාවන් තිදෙනෙකු ඊයේ රාත්‍රීයේදී ඇතුල්වන ආකාරය කැමරාවක සටහන් වී තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විටත් ඔහුගේ කොල්ලුපිටියේ පිහිටි සුපිරි මහල් නිවාස සංකීර්ණය කිසිඳු පරීක්ෂාවකට ලක් වී නොමැති බවයි මවුරට වෙබ් අඩවියට වාර්තා වන්නේ.