ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ සිසුන් විසින් සාදයකදී ටයරයක් හිසට පෙරලීමෙන් අනතුරුව රෝහල් ගත කෙරුනු පසිඳු ශිෂ්‍යාගේ සිදුවීම සාමාන්‍ය සිදුවීමක් බව එහි මහා ශිෂ්‍ය සංගමය පවසනවා.

ඔවුන් අද මාධ්‍ය සාකච්චාවක් පවත්වමින් කියා සිටියේ මෙය බලධාරීන්ට යොමු කිරීමේ තත්වයක් නොමැති බවයි.

ආණ්ඩුව විසින් මෙය නවක වදයට අදාළ සිදුවීමක් ලෙසට පවසන බවත් ,මෙය සාමාන්‍යයෙන් සිදුවන හදිසි අනතුරක් පමණක් බවත් එම සංගමය පවසනවා.

කෙසේ වෙතත් මේ වන විටත් පසිඳු සිසුවාගේ තත්වය බරපතල වන අතර වෛද්‍යවරුන් ඔහුගේ සොයුරාට පවසා ඇත්තේ ජීවිතය පිලිබඳව කිසිවක් ප්‍රකාශ කල නොහැකි බවයි.