තම පක්ෂය දැනට ක්‍රියාත්මක කරන ආකාරයෙන්ම ඉදිරියේදීත් පෝස්ටර් ගසන බව ජවිපෙ වෘත්තීය සමිත් ප්‍රධානී කේ.ඩී.ලාල්කාන්ත මහතා පවසනවා.එම පක්ෂයේ වෘත්තීය සමිත් සමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවති උත්සවයකදී ඔහු මේ බව ප්‍රකාශ කලා.

පෝස්ටර් ,පොලිතීන් සහ ප්ලාස්ටික් වලින් තොර මැතිවරණ ව්‍යාපාරයක් පිලිබඳව සමාජයේ බුද්ධිමතුන් අතර කතා බහට ලක්වී තිබෙන අතර පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ සිය මැතිවරණ ව්‍යාපාරය පොලිතීන් සහ ප්ලාස්ටික් වලින් තොරව පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් එවැනි තත්වයක් තුල අදහස් දක්වන ලාල්කාන්ත මහතා ප්‍රකාශ කර සිටිනුයේ කවුරුන් කෙසේ කුමක් කීවද තමන් ඇතුලු ජනතා විමුක්ති පෙරමුණ අනිවාර්යෙන්ම ඉදිරි මැතිවරණ ව්‍යාපාරයේදී පන්සලේ තාප්පයේ,පාසලේ තාප්පයේ පමණක් නොව පොස්ටර් ගැසිය හැකි සෑම තැනකම පොස්ටර් ගසන බවයි.

Leave a Reply

  Subscribe  
Notify of