එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා බත්තරමුල්ලේ පිහිටි ඔහුගේ නිවසේ නොමැති බව වාර්තාවේ.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසිය එම ස්ථානයට ගිය ද මන්ත්‍රීවරයා එහි නොසිටි නිසා ආපසු පැමිණ තිබේ.

ඔහු ඇතුළු 10 දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ විසින් ඊයේ දිනයේ වරෙන්තුවක් නිකුත් කරන ලදී.