කුමාර වෙල්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් නව ලංකා නිදහස් පක්ෂය අද එළිදක්වනු ලැබුවා.

නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම මහතාගේ වෙල්ගමගේ නව පක්ෂය බිහිවේ.චන්ද්‍රිකා සහ සරත් මනමේන්ද්‍රත් එක් වේඅදහස් දක්වමින් කියා සිටියේ තමන් හොද ශ්‍රී ලංකා කාරයෙක් බවත් එම පක්ෂයේ ගුණාංග රැක ගැනීමේ වගකීම නියම ශ්‍රී ලංකා කාරයින්ට ඇති බවයි.

අද ඇරඹු නව ලංකා නිදහස් පක්ෂය සියලු දෙනා එක්ව ඉදිරියට යා යුතු බවත් ආණ්ඩුව පරාජය කිරිමේ වගකීම සියලු දෙනා සතු බවද ඔහු කියා සිටියා.

තමන්ට හිටපු මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දින 100 ආණ්ඩුව සමයේදී මෙන්ම අවස්ථා රැසකදී ඇමති තනතුරු පිරිනමුවත් ඒවා කිසිවක් තමන් මායිම් සිදු නොකල බවයි කුමාර වෙල්ගම කියා සිටියේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග මේ වන විට සැබෑ නිදහස් පාක්ෂිකයින් සිටින්නේ සීමිත පිරිසක් බව කියා සිටියා.

වත්මන් ආණ්ඩුවට ජන්දය දුන් බොහෝ පිරිස් මේ වන විට කලකිරී සිටින බවත් කිසිදු අයෙකුට මඩ ප්‍රහාර එල්ල නොකොට ඉදිරියට යාමට සිය අභිප්‍රාය බවයි නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම මෙහිදී කියා සිටියේ.

මේ අවස්ථාව සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක ප්‍රධානින් එක්ව සිටියා.