රත්නපුර සීවලී විද්‍යාලයේ විදුහල්පතිවරයා පසුගියදා සමුගත්තා.ඔහු එම පාසලට සුවිසල් වැඩ කොටසක් කල පුද්ගලයෙකු වන අතර ඔහුගේ එම සමුගැනීම ගැන සටහන්ව තිබුනේ මෙලෙසයි.

සමුගැනිමට පෙර ලියමි..

අපගේ ප්‍රිය ශිෂ්‍ය දරුවන් විසින් මුහුණු පොතේ තබන ලද සටහන් දුටු විට මෙවැන්නක් ලිවිම යෝග්‍ය යැයි අදහස් කළෙමි.

වසර දොළහක සීවලි සේවා කාලයෙන් පසුව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පිය නගමි. 2008 දී මා මෙහි පැමිණෙන විට බොහෝ දෙනෙකු මා හට උපදෙස් දුන්නේ එහි නොයන ලෙසත් එය මාගේ ජිවිතයට පවා තර්ජනයක් වන බවත්ය.නමුත් සීවලි ආදි ශිෂ්‍ය සංගමයේ සිටි මහින්දපාල මහතාල නැසිගිය ලක්‍ෂමන් ප්‍රෙමලාල් මහතා ලකරුණාරත්න මහතා හා විශේෂයෙන් අනුරාධ වඩුගේ මිතුරාගෙත්ල පාසල් සංවර්ධන සමිතියේ ලේකම් බුද්ධදාස මහතාගේත් දැඩි ඉල්ලීම මත 2008 මැයි 15 සීවලියට පිය නැගුවෙමි.වැඩභාර ගැනිමට තනිවම පැමිණි මා පිළිගැනිමට උත්සව හෝ කිසිවෙක් හෝ නොවීය.ඡුායාරූප ගත්තේද නැත. සුබ පැතුම්ද නොවිය.

මා එන විට සීවලිය තිබු ආකාරය හෝ පාසල් ගුරු සිසු විනය ගැන හෝ යමක් නොලියමි. මා හට සිදුවුයේ කැලෑවකින් වැසි ගිය පාසලක් ලඑහි සිසුන් පාලනයකින් තොරව කටයුතු කළ පාසලක්ල යහමගට ගැනිමටයි. මෙහි එනවිට මා මිත‍්‍ර නීල් වතුකාරවත්තයන් මා හට ශක්තියක් වන බව දැනගෙන සිටියෙමි.

ටික කලකින් දරුවන්ගේ විනයත් රත්නපුර නගරයේ මැණික් වෙළදපොලේ පාසල් වේලාව ගත කළ ගුරු භවතුන්ගේ ආකල්ප වෙනස් කරගැනිමටත් ලපාසල් භෞතික පරිසරයත් ප‍්‍රතිනිර්මාණය කර ගැනිමට මහත් ප‍්‍රයත්නයක් දිවා ? නොබලා ගැනිමට සිදුවිය. මා පැමිණ දින දෙකකින් පමණ චිත‍්‍රපට දර්ශනයක් ප‍්‍රදර්ශනය කළ අතර මුඵ පාසලේම පුටු ප‍්‍රධාන ශාලාවට ගෙන ආවෝ ලොකු අය්යලාය. මුලූ පාසලේම මල්ලිලා හා නංගිලා දවසම හිටගෙනය.ආදී ශිෂ්‍ය සංගමයේ දී මා කළ පළමු ඉල්ලීම ප‍්‍රධාන ශාලාවට පුටු ලබා දෙන ලෙසය. අපගේ ආදී ශිෂ්‍ය සංගමය සංචිත මුදල් තිබුණේ නැත. නමුත් ආදි සිසුන්ගේ අධිෂ්ඨානය මුදල් පරයා යමින් ප‍්‍රධාන ශාලාව ප්ලාස්ටික් පුටු වලින් පිරි ගියේය. ඉන්පසුව නැවත අධ්‍යාපන කටයුතුවලට බාධා නොවිය.රතිඤ්ඤ පත්තු කරමින් මල්ලිලාගේ බත්පත පවා පැහැර ගනිමින් සිටි ආදරණීය සිසු කැළ එක මිටට ගැනිමට හැකි වුයේ සහෝදර ගුරු භවතුන්ගේ සහයෙනි.

අවිධිමත් පාසල් පරිසරය තාර්කිකව විධිමත් කළෙමි. බාලක බාලිකා නේවාසිකාගාර වැසී ගොස් තිබිණි. දැන් ඒවා ඉඩකඩ ප‍්‍රමාණවත් නැති තරමට පිරී ගොස් ඇත.

සෘණ තත්ත්වයේ පැවති පාසල් සංවර්ධන සමිති ගිණුම අදවන විට රුපියල් මිලියන 6 ක පමණ ස්ථාවර තැන්පතු සහිත ගිණුමකි. දරුවන්ටල ගුරු භවතුන්ට උපරිම සුබ සාධනය සලසන ගමන්ම සකසුරුවම හා පිළිවෙල ඔවුන්ගේ ජිවිත ස්පර්ශ කරවන ලදී.

මාගේ නිවහනද දිව්‍ය ලෝකයද පාසලම බව විශ්වාස කළ නිසා කැළි කසළ වලින් තොර පාසල් පරිසරයක් ගොඩ ගැනිිමට හැකි විය.ඇතමෙක් එය විවේචනය කළද දරුවන්ගේ ඉගෙනුම් පරිසරය සකස් වීමටත් ගැටුම් අවම වීමටත් එය සෘජුව පසුව බලපාන බව විදෙස් රටවලින් ඕනෑ තරම් සාක්‍ෂි සපයා දිය හැකිය.
සීවලි දැක්ම- දිවිම`ග සුබ ලකුණ- මිණි දෙරණ සි`ඵමිණ එය දැන් ”ලක් දෙරණ සි`ඵමිණ” වී අවසන්ය.

සීවලි ඉතිහාසයේ කවදුරටත් ල`ගා වී නොතිබු ඉලක්ක සපුරා ගැනිමට අපට හැකිවිය.

(1) ජාතික ඵලදායිතා ප්‍රථම ස්ථානය
(2) ජාතික ඵලදායිතා ස්වර්ණ සම්මානය
(3) පරිසරය සදහා වන ජනාධිපති සම්මානය
( මෙය දැනට දිනාගෙන ඇත්තේ අප පාසලම පමනිි).
(4) එකම වසරකදී සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලින් දිවයිනේ
ප්‍රථමයන් බිහි කිරිම
(5) ශිෂ්‍යත්ව කඩඉම් ලකූණුවල දිවයිනේ ප‍්‍රථමයා බවට පත්වීම.
(6) අධ්‍යාපන අමාත්‍යාංශයේ ප‍්‍රමිති ඒකකයේ අතිවිශිෂ්ට පාසල ලෙස නම් කිරිම.
(7) ඉතා විනයක් සහිත සමිත් ලක්මාල් අකිල රවිශංඛ වැනි ජාත්‍යාන්තර
ක්‍රීඩකයන් බිහි කිරිම.
(8) විද්‍යා – ගණිත ඔලිම්පියාඞ් තර`ගවල ජාත්‍යාන්තර ජයග්‍රහයකයන්
රුසක් බිිහි කිරිම.

මේ සියල්ලට වඩා වේලාවට පෙර පාසල් එන කාලඡේද අටම වැඩකරන සහෝදර ගුරු පිරිසක් නිර්මාණය වීම මා සිත සතුටු කරවන්නකි.

තවමත් දිවයිනේ කිසිදු පාසලකට ළගාවිය නොහැකි ඉලක්කයක් වු Smart class room 60 ක් ගොඩ නැගිම.

පාසලේ මහින්දෝදය විද්‍යාගාරයල තාක්‍ෂණ පීඨයල ක‍්‍රිඩා පිටියල සෞන්දර්ය ඒකකයල පිහිනුම් තටාකයල නව ආපනශාලාව ලතෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල ආදි කිසිදු ඉදිකිරිමක් සදහා මුල්ගල් තැබිමේ මහෝත්සව හෝ විවෘත කිරිමේ මහෝත්සව නොපැවැත්වු අතර කිසිදු නිවාසාන්තර ක‍්‍රිඩා උළෙලකට හෝ දේශපාලනඥයෙකු ප‍්‍රධාන ආරාධිතයන් ලෙස ගෙන ආවේ නැත.

මේ කාලයේදී මා ශක්තිමත් කළ ප‍්‍රධාන අවස්ථා දෙකකි.

(1) සීවලි සියවස් සමරුව- දැන් වුවද සිහිවනවිට අපට එවැනි මහෝත්සවයක් සංවිධානය කල හැකිදැැයි සිතේ.

(2) සීවලි ප්‍රාථමික අංශය අවසන් කරමින් මෙරට දක්‍ෂ දරුවන්ට සීවලි දොරගුලූ විවර කිරිම සැබැවින්ම කන්නන්ගර චින්තනය පිළිබද කියවීමට මා පොළඹවන ලද සාධකය මෙය විය.මෙහිදි ජනාධිපතිතුමාගේ පටන් මුලූ රටම එක් පාර්ශවයක සිටියද මාගේ අදහස ජයගත් බව සිහිපත් කරමි. එම අවස්ථාවේ දී අධ්‍යාපන අමාත්‍යාවරයා වු ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් මා හට විශාල ශක්තියක් විය. අගනුවර ආදී ශිෂ්‍ය සංගමයේ සභාපතිව සිටි තිලක් ඉද්දමල්ගොඩ මහකා ද විශාල ශක්තියක් විය.

ගංවතුරින් යටවන කෘෂි විද්‍යා ඒකකය කිසිදු එවැනි අනතුරකට යළි ලක් නොවන්නේ මාගේ අදහසක් අනුව සීවලි වැව ඉදිකළ නිසාවෙනි.

මේ සියල්ලට වඩා ලෙන්ගතු ගුරු- සිසු ලදෙමාපිය ලආදී ශිෂ්‍ය ප‍්‍රජාවක් වසර දොළහක් නොගැටි ඉදිරියට ගමන් කිරිම මා හට විසල්ම අත් දැකිමක් විය.

මා මෙහි එනවිට එකම පන්තියක්වත් වසා තැබිමට නොහැකි විවෘත පන්ති කාමර තිබු අතර අද මෙන් අභ්‍යන්තර මාර්ග පද්ධතියක් නොවිය. ගුරුභවතුන් ගලින් ගලට පැන ගියහ.

මා පාසලේ ගතකළ වසර දොළහක කාලය තුළ අවම වශයෙන් මාගේ කාර්යාලයේ යතුරවත් මාගේ භාරයේ තබා නොගත්තෙමි. බලය බෙදා දිමේ සතුට මා හොදින් ම දනිමි.

මේ සියල්ල කිරිම මාහට ශක්තිය සැපයු ගරුතර ප‍්‍රදේශවාසි මහා ස`ගරුවනල නියෝජ්‍ය විදුහල්පතිවරුල ගුරු භවතුන් (විශේෂයෙන් විශ‍්‍රාමලත් හා ස්ථානමාරු ලබා ගිය කැප කිරිම් කළ අය* ආදී ශිෂ්‍ය සංගමය හා සමාජ ලඅගනුවර ආදි ශිෂ්‍ය සංගමය ලතිලක් ඉද්දමල්ගොඩ මහතාල පාසල් සංවර්ධන සමිතිය හා දෙමාපියන් ජාතික ජලාපවාහන මණ්ඩලය ලලංකා විදුලි බල මණ්ඩලයල රත්නපුර මහ රෝහල මාර්ග සංවර්ධන අධිකාරියල සබරගමුව පලාත් සභාව විධායක ඉංජිනේරු කාර්යාලයල දිස්ත‍්‍රික් ලේකම් හා ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලලරත්නපුර පොලීසිය ප‍්‍රාදේශිිය හිත මිතුරු පාසල් සහ මාගේ අත්සන සදහා ප‍්‍රබල බලයක් ආරෝපනය කළ අධ්‍යාපන අමාත්‍යාංශයට මාගේ කෘතවේදීත්වය පිරිනමමි. පළාත් හා කළාප අධ්‍යාපන කාර්යාලවලින් ලද සහයෝගයේ ප‍්‍රමාණයට තුති පුදමි.

අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා තාවකාලික සේවකයන්ද මාගේ ලෙන්ගතු මිතුරන් විය.තමන්ගේ දරුවන්ද පාසලේ ඉගෙන ගන්නා ඇතැම් නිලධාරින් අපවෙත කරන ලද කෙනෙහිලිකම් තුට්ටුවකට මායිම් නොකළඅපි ඔවුන්ගේ දරුවන් අපගේ දරුවන් සේ සලකා ඉහළට ඔසවා තැබුවෙමි.

විශේෂයෙන් මා පෞද්ගලිකව අපහසුතාවයන්ට මුහුණදුන් විට මා සම`ග සීවලි ප‍්‍රජාවම නැගි සිටි බව සිහිපත් වේ.

මා හට සියලූ කටයුතු ස්වාධිනව කරගෙන යාමට බාධා නොකල පක්‍ෂ විපක්‍ෂ ජාතික හා ප‍්‍රාදේශිය සියලූ දේශපාලන අධිකාරියටද තුති පුදමි.

ප‍්‍රාදේශිය ව්‍යාපාරික ප‍්‍රජාවද අපහට මහත් ශක්තියක් විය.

මා පාසල් වැඩකටයුතු නිසා දිවා ? මාගේ නිවස හුදෙකලා විය. එම හුදෙකලාව මා හා සීවලිය වෙනුවෙන් තනිවම ඉවසු මා පියඹ පුබුදු සහ අප්පච්චි යන්නද හදන්නේ කියමින් පාසල් යන හැමවිටම ඇවටිලි කරන දියණිය නෙතුම්සාටත් පිං.

මේ වසර දොලහ තුළ සීවලි බිමේ වැඩිපුරම ශාඛ රෝපනය කිරිමට හැකි වුවා යැයි මා සිතමි. පරිසරය අපට ආශිර්වාදයක් විය.

මේ සියල්ල ප‍්‍රකාශ කළේ හදපිරි තෘප්තියෙන් මිස මා නිසා සීවලිය පැවතුනා යැයි කියන්නට නොවේ. සීවලිය විසින් මාගේ වෘත්තිය ජිවිතය වර්ණවත් කල බව මාගේ අදහසයි. මා හට වෘත්තිය හා ජිවන අත්දැකිම් නොමසුරුව දායාද කළ සීවලි මව්නි ඉතින් සමුගන්න අවසරයි.

සීවලි මුල් පුටුවට හෙට දින සැපත්වන මා මිත‍්‍ර සහෝදර නීල් වතුකාරවත්තයන් ලෙන්ගතු මිනිසෙකි. ඔහුට සීවලිය තවත් ඔසවා තැබිමට සියලූ දෙනාගේ ශක්තිය ලබා දෙන්න. පුද්ගලබද්ධ සාධක මත සැසදිම් නොකර සීවලි අභිමානය රැුක ගැනිමට නව විදුහල්පතිතුමාට දිරිය-ශක්තිය වන්න. ඔහුගේ මානුෂිය හා නම්‍යශිලී ගුණාංග හා කළමනාකරණ හැකියාවන් සීවලියට ලබා ගන්න.

ඔබ සැමට ජය
ආයුබෝවන් සීවලි මව්නි.