එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අද (17) උදෑසන විශේෂ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා.එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම යන දෙපාර්ශවයම මගින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම වලට අනුගතව ඉතා ඉක්මනින් තෝරා පත් කරගත යුතු බවයි.

සජිත් ප්‍රේමදාස මහතා මෙහිදි වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා නම් කිරීම ප්‍රමාද කිරිම රටෙත්, පක්ෂයේත් ප්‍රජාතන්ත්‍රවාදය ට එල්ල කරන මරු පහරක් බවයි.මෙම අවස්ථාවට එජාප සභාපති කබීර් හෂීම්,මංගල සමරවීර,රංජිත් මද්දුම බණ්ඩාර සහ මලික් සමරවික්‍රම යන මහත්වරු සහභාගී වී සිටියා.

Leave a Reply

  Subscribe  
Notify of