තමන් අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා පොලිස් පතිවරයාට ලබාදී ඇති නියෝගය දේශපාලන කුමන්ත්‍රණයක් බවත් එහි පිටුපස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිටින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පවසයි.

කොළඹ සිය නිවසේදී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු මන්ත්‍රීවරයා ඊයේ (4 වැනිදා) මේ බව ප්‍රකාශ කළේය.

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව වසර ගණාවක් අවධානය යොමු නොකර මහ මැතිවරණය කැඳවීමෙන් පසු අභූත චෝදනා ගොනු කිරීම ප්‍රහේළිකාවක් බව ඔහු පෙන්වා දෙයි. තමන් මුදල් ඇමැති ධුරය දරන සමයේ මහා බැංකුව සහ බැංකු පාලනය කළ නොහැකි බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පවසයි. එම නිසා මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එල්ල වන චෝදනා හිටපු මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රතික්ෂේප කර සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මෙසේද පැවැසීය.

මෙම සිද්ධි​යේදී පක්ෂයට චෝදනා එල්ල කිරීමක් ලෙස මා දකිනවා. දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස දකිනවා. එදා හිටපු ජනාධිපතිවරයාටද මෙම වංචාව සම්බන්ධයෙන් වගකීමක් තිබුණා. 2017 වර්ෂයේදී බොරුවට මගේ නම ප්‍රකාශ කළේද හිටපු ජනාධිපතිවරයායි. මම නිර්දෝෂයි