වසර ගණනාවකට පසුව සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ පැවති ක්‍රිකට් තරඟය ක්‍රීඩකයින්ගේ දක්ෂතා නිසා ජයග්‍රහණයෙන් කෙලවර වුවද, දවස නිමාවට පත් වුනේ රටම අපකීර්තියට පත් කරමින්.

ඒ ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලධාරීන්ගේ “අදූරදර්ශි” සහ “මෝඩ” තීරණ නිසාවෙන්.

ක්‍රීඩා පිටියට ඇතුල්වීමට පැමිණි ප්‍රේක්ෂකයින්ට ඒ සඳහා ඔවුන් විවෘත කොට තිබුනේ දොරටු දෙකක් පමණයි.

දහස් ගණනක ක්‍රීඩා ලෝලීන්ට ඇතුල් වීමට දොරටු දෙකක් පමණක් විවෘත කිරීමට තරම් අඳ බාල ක්‍රිකට් පාලකයින් සිටිනා රටක මෙතුවක් හෝ ක්‍රිකට් සුරැකී තිබීම සැබවින්ම පුදුමයට කරුණකි.

සභාපති ශම්මි සිල්වා ඇතුලු ක්‍රිකට් වලට අරක්ගත් ඔහුගේ ගෝලයින් නිසාවෙන්ම ,තරඟය නැරඹීමට පැමිණි පුද්ගලයින්ට අවසානයේ සිදු වූයේ ආරක්ෂක අංශවල ප්‍රහාරයන්ට ලක් ව ගුටි කෑමටයි.