වාහනයක්..සමහරුන්ගෙ හීනයක්..මොකද තමන්ටම කියලා වාහනයක් තියෙනවා කියන්නේ ගොඩක් වැඩ බොහොම පහසුවෙන් වගේම ඉක්මනින්ම කරගන්න පුලුවන් කියන එක.

ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් වාහනයක වටිනාකම ඔයා හොඳටම දන්නවා.ඒත් තවමත් ඔයාටම කියලා වාහනයක් නැතිනම් අද අපි කියලා දෙන්නම් , වාහනයක් ගන්න තියෙන හොඳම ක්‍රමයක් ගැන.

ගොඩක් වෙලාවට අපි වාහන ගන්නෙ ලීස් කරලා.ලීසිං එක ගන්න හරිම තැනට යන්න ඕනේ මෙන්න මෙතනදී.

වාහනයක් ලීස් කරගන්න වැඩෙදී ඔබ යන්න ඕන හොඳම තැනක් තියෙනවා.ඒ තමයි සෙලාන් බැංකුව.
ඒකට හේතු කිහිපයක්ම තියෙනවා.ඒ අතරින් හැමෝම කතාවෙන හේතු 5ක් ගැන අද කියන්න ඕනේ කියලා අපිට හිතුනා.

1.කැමති ගානක් -කැමති කාලයක්

ඔබේ ව්‍යාපාරයේ කටයුතු සාර්ථක කරගන්න කාලයෙන් කාලයට අපිට සමහර තීරණ ගන්න වෙනවා.සමහර වෙලාවට ඔබට එහා මෙහා ගමන් බිමන් යන්න වගේම ,ඔබේ නිෂ්පාදන එහා මෙහා ගෙනි යන්නත් වාහනයක් අවශ්‍ය වෙනවා.

ව්‍යාපාරය දවසින් දවස දියුණු වෙනකොට මේ අවශ්‍යතාවයනුත් වෙනස් වෙනවා.තියෙන වාහනයට වඩා වෙනස් වාහනයක අවශ්‍යතාවය ඔබට දැනෙන්නෙ මෙතනදී.

අපි හිතමුකො ඔබ අලුත් වාහනයකට මාරු වෙනවා කියලා.වෙනත් ආයතනවලින් ඔබට නොලැබෙන පහසුකම් රැසක්ම මේ වගේ වෙලාවකදී සෙලාන් බැංකුවෙන් ඔබට ලැබෙනවා.අලුත් වාහනයකට ඔබ යනකොට පවතින ලීසිං පහසුකමේ වටිනාකමින් 150% ක් දක්වාම පෙර අනුමත ලීසිං ඔබට ලැබෙනවා.

මේ පහසුකම ඔබට ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි.

වසර 4 ක ලීසිං එකකදී වසර 3 කින් පසුවත්,වසර 5 ක ලීසිං එකකදී වසර 4 කට පසුවත් ඔබට පෙර අනුමත ලීසිං පහසුකම ලබා ගන්න පුලුවන්.
මේ දේ කොයි තරම් වටිනවද කියන එක අලුතෙන් වාහනයකට ගියපු උදවිය හොඳටම දන්නවා.

2.ආපසු ගෙවීමේ කාලය වසර 7 ක් දක්වාම

බිස්නස් එකක් කියන්නේ ගහකින් ගෙඩියක් කඩාගන්නවා වගේ ඉක්මනට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.සරු ඵලදාවක් ලබා ගන්න නම් බොහොම පරිස්සමට හරිම විදිහට සත්කාර කරන්න ඕනේ.බිස්නස් වලදීත් එහෙමයි.ප්‍රතිඵල එන්නෙත් නියමිත කාලයට.

ඉතිං ඒ නිසා බිස්නස් එකක් කරන ඔබ ගොඩක් දුර හිතනවනෙ.ඒ නිසාම වාහනයක් ලීස් කරද්දි වුනත් අමාරුවෙ වැටෙන්නෙ නැතිව ඔබට ගැලපෙන සහ පහසු විදිහට ගෙවා ගන්න, අවුරුදු 7ක් දක්වාම ගෙවීමේ කාලය වැඩි කරලා තියෙනවා.

ආපසු ගෙවීමේ කාලය වසර 7 ක් කියලා කියන්නේ පොඩිවට පටන් ගත්ත බිස්නස් එක ගොඩ දාගන්න ඔබට ප්‍රමාණවත් කාලයක්.එ වගේම තමයි ඔබ අලුතෙන් ලීස් එක්ක ගන්න ,දැනට පවතින ලීස් එක කලින් ගෙවලා ඉවර කරනවනම් කිසිම පොලියක් අයවෙන්නෙත් නැහැ.

වසර 5 ක ලීසිං එකක් වසර 4 කින් පසුව ගෙවා දැමීමේදී සහ වසර 4 ක ලීසිං එකක් වසර 3 කින් පසුව ගෙවා දැමීමේදී මේ පහසුකම හිමිවෙනවා.

බිස්නස් කරන ඔබ නිතරම බලන්නේ ආයෝජනය කරන්නේ.ඉතින් එහෙම හිතන ඔබට මේ තෝරාගැනීම නිවැරදිම තීරණයක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

3.විශේෂ රක්ෂණ පැකේජයක්

අපි හැමවෙලාවෙම බලන්න ලෙඩකින් දුකකින් කරදරයකින් ආරක්ෂා වෙන්නනේ.වාහනයක් වුනත් එහෙමනෙ.අපි නිතරම උනන්දු වෙන්නේ වාහනයේ ආරක්ෂාව ගැනත් හිතන්න.

මොකද ව්‍යාපාර කටයුතු කරගෙන යද්දි දවසින් දවස දියුණු වෙන ඔබට විවිධ බලාපොරොත්තු එක්ක ඉස්සරහට යන්න වෙනවා.සමහර විට ඒ බලාපොරොත්තු සාර්ථක කරගන්න වෙනදට වඩා වැඩියෙන් මහන්සි වෙන්නත් සිද්ද වෙනවා.

ඒ හින්දම ඔබේ තනියට ඉන්න වාහනය වුනත් වෙනදට වඩා මහ පාරවල්වල ඔබවත් රැගෙන පරිස්සමින් යන එන වාර ගණන වැඩියි.
ඒ නිසාම වාහනයට හොඳම රක්ෂණයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි.

ඒ රක්ෂණය ලබා ගන්නත් සෙලාන් බැංකුව ඔබට උදවු කරනවා.ඔබ කැමති රක්ෂණ සමාගමකින් වට්ටම් සහිතවම රක්ෂණ ආවරණයක් ලබා ගන්න සෙලාන් ලීසිං ඔබට ලොකු හයියක්.

වාහනය විතරක් නෙවෙයි..වාහනයට ඔබින්,ඔබට සරිලන නිවැරදිම රක්ෂණ ආවරණයක් තමයි ඔවුන් ඔබට ලබා දෙන්නේ.

4.හදිස්සියකදි මුදල්

මුදල් හදිස්සිකම් අපිට කලින් කියලා,අපිව දැනුවත් කරලා එන්නෙ නැහැනේ.ඒ වගේ අවශ්‍යතාවයක් කවදා ඒවිද කියන අපි කලින් දන්නෙ නැහැ.
විශේෂයෙන්ම ව්‍යාපාරයක් කරගෙන යද්දි ,සමහර ගණුදෙනුකරුවන්ගෙන් ලැබෙන මුදල් නියමිත වෙලාවට නොලැබෙන්න පුලුවන්.

ඒ වගේ වෙලාවන්හිදි ඔබ අපහසුතාවයට පත්වෙනවා.

ඒ නිසා ඔබව තේරුම් අරගෙන තිබෙන සෙලාන් බැංකුවේ සෙලාන් ලීසිං පහසුකමත් එක්ක කවුරුත් ලබා නොදෙන සේවාවක් සෙලාන් වෙතින් ඔබට ලැබෙනවා.

ඔබට ඇතිවන හදිසි ප්‍රාග්ධන අවශ්‍යතා හෝ වෙනත් ආකාරයේ මුදල් අවශ්‍යතා සඳහා ඔබේ වාහනයට ලීසිං පහසුකම් ලබා ගැනීමේ හැකියාව ඔබට මේ සමඟම ලැබෙනවා.

ව්‍යාපාරිකයෙක් විදිහට ඇත්තෙන්ම මේ පහසුකම ඔබට ගොඩක් වටින එකක් කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

5.කාලය දීර්ඝ කර ගැනීමේ හැකියාව

සමහර වෙලාවට ගෙවා නිම කල යුතු කාලය එළඹෙන කොට අපිට තියෙන අනික් ප්‍රශ්නත් එක්ක බලද්දි ලීසිං කාල සීමාව තව ටිකක් දික් කරගන්න පුලුවන්නම් හොඳයි කියලා ඔබට හිතෙනවා වෙන්න පුලුවන්.

අන්න ඒ වගේ වෙලාවකදී සෙලාන් ලීසිං,ඔබේ ලීසිං කාල සීමාව අවසානයේදී තක්සේරු කිරීමකින් අනතුරුව ඔබ ලබා ගත් වාහනයේ වටිනාකම සලකා බලා ලීසිං කාල සීමාව තව දුරටත් දීර්ඝ කර දෙනු ලබනවා.

ඒ විතරක් නෙවෙයි..සමහර ආයතනවලට ලීසිං පහසුකම ගන්න ගියාම රටේ නැති පත්‍රිකා පුරවන්න ඕනනෙ.හැබැයි සෙලාං ලීසිං එහෙම නැහැ.සමහරු වැඩේ නොකෙරෙන තැනට කතා කරද්දි,සෙලාන් බැංකුව උත්සාහ කරන්නේ සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෙක් විදිහට දිගු ගමනක් යන්න උත්සාහ කරන ඔබට හැකි හැම විටම අත හිත දෙන්න.

ඒ නිසා දවසෙ වැඩි පැය ගණනක් ව්‍යාපාර කටයුතු වලට හිරවෙලා ඉන්න ඔබේ වටිනා කාලය අපතේ නොයවා ඔබට බොහොම ඉක්මනටම සෙලාන් බැංකුව වැඩේ කරලත් දෙනවා.

ඒ නිසා ව්‍යාපාරිකයෙක් විදිහට පුද්ගලිකව ඔබේ පරිහරණයට වගේම ඔබේ ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔබ අපි කියපු මේ කරුණු 5 ගැන හොඳින්ම අධ්‍යනය කරලා බලන්න අමතක කරන්න එපා.