එක්සත් ජාතික පක්ෂය ප්‍රමුක නව සන්ධානය සමග එක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනිවී සිටින කණ්ඩායම් සඳහා තමා ආරාධනය කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව සදහන් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතරමන් වූ හව්හරණක් නොමැතිව අනාතවී සිටින බිම් මට්ටමේ ක්‍රියාකාරීන්ට සහ නායකයින්ට ජයග්‍රාහී එකමුතුවකට ආරාධනා කරන බව විපක්ෂනායකවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

Ada.lk