Visitors wearing face masks walk near the Gwanghwamun, the main gate of the 14th-century Gyeongbok Palace, and one of South Korea's well-known landmarks, in Seoul, South Korea, Saturday, Feb. 22, 2020. South Korea on Saturday reported a six-fold jump in viral infections in four days to 346, most of them linked to a church and a hospital in and around the fourth-largest city where schools were closed and worshipers and others told to avoid mass gatherings. (AP Photo/Lee Jin-man)

මාරාන්තික කෝවිඩ් 19 වෛරසය සීග්‍රයෙන් පැතිරයෑම ආරම්භ වීමත් සමග දකුණු කොරියාවේ ශ්‍රී ලාංකිකයන් බහුලව වාසය කරන ඩේගු සහ චෙන්ඩෝ නගර විශේෂ පරිපාලන සහ අවදානම් කලාප ලෙස එරට රජය නම් කර ඇත.

මිලියන 2.5ක ජනතාවක් වාසය කරන එම නගර මේ වන විට ජනශුන්‍ය ප්‍රදේශ බවට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

දකුණු කොරියාවෙන් මේ වන විට කෝවිඩ් 19 ආසාදිතයන් 433ක් වාර්තා වී ඇති අතර ඉන් 229ක්ම වාර්තා වී ඇත්තේ ඊයේ (23 වැනිදා) දහවල් 12.00න් අවසන් වූ පැය 24ක කාල සීමාව තුළය.

දකුණු කොරියාවෙන් මේවන විට වාර්තා වන කෝවිඩ් 19 මරණ සංඛ්‍යාව 2කි. මේ වන විට සමස්ත දකුණු කොරියාවටම බලපාන පරිදි හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන් 9 දෙනෙකු සහ හමුදා නිලධාරීන් 4 දෙනෙකු වෛරස ආසාදිතයන් ලෙස තහවුරු වීමත් සමග එරට සියලු හමුදා කඳවුරු වසා දැමීමට රජය පියවර ගෙන තිබේ.

මෙලෙස දකුණු කොරියාවේ කෝවිඩ් 19 වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ ගොස් ඇත්තේ ‘ෂිං වොන්දි’ නමැති ආගමික සංවිධානයකට සම්බන්ධ විශාල පිරිසක් අවංගල්‍යය අවස්ථාවකට සහභාගි වීමෙන් අනතුරුවය. දැනට වාර්තා වී ඇති ආසාදිතයන්ගෙන් 231ක්ම අදාළ අවමංගල්‍යයට සහභාගි වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම ආගමික සංවිධානයට අයත් සාමාජිකයන් 9000කට අධික පිරිසක් විශේෂ නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට කොරියානු බලධාරීන් පියවර ගෙන ඇත.