අධිවේගී මාර්ගය ඔස්සේ හම්බන්තොට සිට කොළඹ කොටුව දක්වා වන බස් රථ සේවාව හෙට සිට ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව හම්බන්තොට සිට කොටුව දක්වා බස් ගාස්තුව රුපියල් 880 ක්. තංගල්ලේ සිට කොළඹ කොටුව දක්වා ගාස්තුව 680ක් වනවා.

හම්බන්තොට සිට මාකුඹුර දක්වා බස් රථ ගාස්තුව 810ක්. තංගල්ලේ සිට මාකුඹුර දක්වා වන බස් රථ ගාස්තුව රැපියල් 610ක් වනවා.

අද විවෘත කෙරෙන මාතර – හම්බන්තොට අධිවේගී මාර්ගය වෙනුවෙන් සුඛෝපභෝගී ලංගම බස් රථ 10 ක් යොදවන බව මගී ප‍්‍රවාහන කළමණාකරණ අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙම බස් රථ මාතර – හම්බන්තොට අධිවේගී මාර්ගයේ සිට කොළඹ, කටුනායක ගුවන් තොටුපොල සහ කඩවත දක්වා ධාවනය කෙරෙනු ඇති.

බස්රථ ගමන් ආරම්භ කෙරෙන්නේ අම්බලන්තොට, තංගල්ල සහ හම්බන්තොට යන ස්ථානවලින්.

Neth news