රටේ ප්‍රවාහන පද්ධතිය තුළ ඉදිරියේදී නව දියුණුවක් ඇති කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ ශක්තිමත් දුම්රිය සේවයක් ලබා දීමට කඩිනමින් කටයුතු කරන බවයි.

ගමනාගමන මණ්ඩලයට සුඛෝපභෝගි බස් රථ යොදවා පෞද්ගලික වාහනවලින් ගමන් කරන ජනතාව බස් රථයේ ගමන් කරන යුගයක් ඇති කරන බවත් ඒ මහතා පවසයි.

හම්බන්තොට වීරකැටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

විපක්ෂයේ ක්‍රියාකලාපය හේතුවෙන් ජනතාවට ලබාදීමට තිබු සහන මගහැරි ගිය බවත් එහිදි අමාත්‍ය මහින්ද අමරවිර මහතා පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතුරු සම්මත ගිණුමට විපක්ෂය විරෝධය පල කිරීම හේතුවෙන් එය ඉදිරිපත් නොකිරීමට රජය තීරණය කළ බවයි.