කොවෙඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය පැතිරෙන දකුණු කොරියාවේ ඬේගු නගරයේ ශ‍්‍රී ලාංකිකයින් සේවය කළ ආයතන රැසක් තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඒ, වෛරසයේ සිග‍්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කිරීමත් සමගයි. සෝල් නුවර පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශ ප‍්‍රධානී, රැකියා හා සුබසාධන උපදේශක සෙනරත් යාපා සදහන් කළේ එම ආයතනවල සේවය කළ ශී‍්‍ර ලාංකිකයින්ට තම වාසස්ථාන තුළම රැදී සිටින ලෙසට දැනුම්දී ඇති බවයි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් සියලූ ශී‍්‍ර ලාංකිකයින් නිරන්තර දැනුවත් කිරීම් කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. දකුණු කොරියාවේ සිටින ශී‍්‍ර ලාංකිකයින් සම්බන්ධයෙන් මෙරට සිටින ඔවුන්ගේ ඥාතීන් අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවයි ඔහු කියාසිටියේ.

වෛරසයේ ව්‍යාප්තිය මෙන්ම ඉන් බේරීමට ගත යුතු කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් නිරන්තර දැනුවත් කිරීම් සිදු කෙරෙමින් පවතිනවා.

ගත වූ පැය 24 තුළ පමණක් දකුණු කොරියාවෙන් අලූතින් කොරෝනා ආසාදිතයින් 120 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. ඒ අනුව සීමිත දින ගණනක් තුළ දකුණු කොරියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 556 ක් දක්වා ඉහළයාමද කැපී පෙනෙන සිද්ධියක්.

නව කොරෝනා මරණ 2 ක් ද ගත වූ පැය 24 තුළ දකුණු කොරියාවෙන් වාර්තා වනවා. ඒ අනුව එරටින් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 4 ක්.

තවත් පුද්ගලයින් 9 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දකුණු කොරියාවේ මෙන්ම ශී‍්‍ර ලාංකිකයින් බහලව වෙසෙන ඉතාලියේද මේ වනවිට කොරෝනා වෛරසය ව්‍යාප්ත වන තත්ත්වයක් මතුවී තිබෙනවා. ඒ පිළිබද තවත් තොරතුරු විදෙස් ප‍්‍රවෘත්ති තුළින් බලාපොරොත්තු වන්න.