සංචාරක බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති ප්‍රථම එක්දින තරඟයෙන් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

කොළඹ SSC පිටියේදී අද උදෑසන ආරම්භ වූ තරඟයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කලා.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 289 ක් ලබා ගත්තා.

SD Hope අගනා ලකුණු 115 ක් ලබා ගත් අතර පන්දු යැවීමේදී ඉසුරු උදාන කඩුලු 3ක් ලබා ගත්තා.

තිසර පෙරේරා සහ නුවන් ප්‍රදීප් එක් කඩුල්ල බැගින් දවාගනු ලැබූවා.

ලකුණු 290 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන්ගෙන් කලකට පසුව අගනා ඉණිමක් දක්නට ලැබුනු අතර ඔවුන් දෙදනාම අර්ධ ශතක ලබා ගනු ලැබූවා.

කුසල් ජනිත් ද ලකුණු 42 ක් රැස් කරනු ලැබූවා.
වේගයෙන් ලකුණු රැස් කරමින් සිටි තිසර පෙරේරා උඩ පන්දුවක් ලබා දී දැවීයාමත් සමඟම තරඟය කොදෙවුවන් දෙසට දෝලනය වනු දක්නට ලැබුනා.

එක් අවස්ථාවක පන්දු 25 කදී ලකුණු 24 ක් ලබා ගත යුතුව තිබූ අතර වනිඳු හසරංග කඩුල්ලේ රැදී සිටීම ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු ඉහල නංවනු ලැබූවා.

අවසන් ලකුණ ලබා ගැනීමට තිබියදී ලක්ෂාන් සඳකැන් දුවද්දී දැවීයාමකට හසුව පිටියෙන් ඉවත් වූවා.
කෙසේ වෙතත් තරඟය නිමා වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමට තියුණු ජයගහ්‍රණයක් හිමිකර දෙමින්.

AS Joshep විසින් කඩුලු 3ක් දවා ගත් අතර 1-0 ක් ලෙස මේ වන විට ශ්‍රී ලංකාව තරඟාවලියේ ඉදිරියෙන් පසුවනවා.