ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ප්‍රගතිශීලී වෘත්තීය සමිති සම්මේලනය අමතමින් මෙම අදහස් පල කලේය.

දේශපාලනයේ තීරණාත්මක අවස්ථාවකට අපි අද ඇවිත් සිටිනවා. එවැනි අවස්ථාවක ප‍්‍රගතිශීලී වෘත්තීය සමිති සම්මේලනයට පැමිණ ඔබ ඇමතීමට ලැබීම සතුටක්. ආර්ථිකයේ සංවර්ධනය කොඳු නාරටිය ඔබයි. ඔබ ඇමතීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. ඒ වගේම ඔබ අද ඉදිරිපත් කළ යෝජනා ඉතාමත් කාලෝචිතයි කියලා කියලා මම හිතනවා. නුදුරේම බිහි කරන රජයක් තුළින් මේ සියලූ යෝජනා ක‍්‍රියාත්මක කරන බව සහතික වෙනවා.

2015 ජනාධිපතිවරණය කියන්නේ මේ රටේ ප‍්‍රගතිශීලි වෘත්තීය සමිති ව්‍යාපාරය බරපතල අර්බුදයකට පත් වූ මොහොතක්. ඒ තත්ත්වය වඩාත් තීරණාත්මක වුණේ 2015 අගෝස්තු මස මහ මැතිවරණයෙන් පස්සේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක හවුල් ආණ්ඩුවක් ගොඩනැගීම නිසයි. එ් මැතිවරණයෙන් පස්සේ වැඩ කරන පන්තියට නායකත්වයක් නැති වුණා. එදා සිට මේ දක්වා ප‍්‍රගතිශීලි වෘත්තිය සමිති සම්මේලනය ගොඩනැගීමට ඔබ විශාල කැපවීමක් කළා. ඔබ මූලිකත්වය ගත්තේ අපට තිබුණු හිඩස පුරවන්නයි. මේ සටනේ නායකයින් ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා බැසිල් රාජපක්ෂ මැතිතුමා සහ ගාමිණි ලොකුගේ මැතිතුමා විශාල ශක්තියක් සැපයූ බව අප සියලූ දෙනාම දන්නවා .ඔබතුමන්ලා එලෙස ගොඩ නැගූ ජන බලවේගය රටේ බලය ලබා ගැනීමේ ක‍්‍රියාදාමයට පිවිසෙන අවස්ථාවයි මේ. අනාගතයේ බිහිවන ඔබේ රජයක් තුළින් රාජ්‍ය සේවකයා සහ වැඩකරන පන්තියේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා කළ යුතු වැඩසටහන් කිහිපයක් සම්බන්ධයෙන් ඔබගේ අවධානයට යොමු කරන්න කැමතියි.

සුරක්ෂිත ආරක්ෂිත දියුණු රටක් අපි ගොඩනගමු. රටේ ආරක්ෂාව තහවුරු කරන ශක්තිමත් රටක් ලෙස මේ රට ගොඩනැගීමට නම් ආර්ථික දියුණුවට සහ ජාතික ආරක්ෂාවට එක ලෙස වැදගත්කමක් දිය යුතුය. අපේ රටේ ආරක්ෂාව ගැන කතා කරනකොට, සමහරු මතයක් ඉදිරිපත් කරනවා අපි සූදානම් වෙන්නේ හමුදා පාලනයන් ගේන්න කියලා. නමුත් අපි මීට දස වසරකට පෙර මේ රටේ තිබුණු ත‍්‍රස්තවාදය, මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ සම්පූර්ණයෙන්ම තුරන් කලා. මාර්ග බාධක නැති, බංකර් නැති මේ රටේ ඕනෑම තැනකට යන්න පුළුවන් සුරක්ෂිත රටක් අපි එදා බිහි කළා. සෑම ජන කොටසකටම අපි ආරක්ෂාව සැපයුවා. මේ නිසා වසර දහයක් ගතවන තුරු රට සුරක්ෂිත ව තිබුණා. එදා වසර තිහක් තිබුණු ත‍්‍රස්තවාදය අවසන් කළාට පස්සෙ, අපේ අරමුණ වුණේ සෑම ජන කොටසකටම නිදහසේ ජීවත් වෙන්න, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් සුරකින රටක් බිහි කිරීමයි. උතුරු පළාතට විසඳුමක් විදියට ගෙනාව පළාත් සබාව, උතුරු ප‍්‍රදේශයට කි‍්‍රයාත්මක කළේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා යුද්දෙන් පස්සේ උතුරු ප‍්‍රදේශයේ ජනතාවට තමන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ලබා දුන්නා. 2014 වනවිට ඔවුන්ට කිසිම බාධාවක් නැතුව, ඔවුන්ගේ එදිනෙදා ජීවිතය ගත කිරීමේ හැකියාවක් ලබා දුන්නා. පුද්ගල නිදහසට බාධා නොවන ආකාරයෙන්, මේ රටේ ආරක්ෂාව තහවුරු වන ආකාරයේ ක‍්‍රමවේදයක් එ් දිනවල අපි යොදා තිබුණා. එ් නිසයි රට වසර දහයක් සුරක්ෂිතව තිබුණේ. රාජ්‍ය ආරක්ෂාවට අපේ රජයේ ප‍්‍රමුඛත්වය දීලයි තිබුණේ. රටක ස්ථාවරත්වය ඇති වෙන්නේ ආරක්ෂාව තහවුරු වුණොත් පමණයි. අපේ රජය ඒ බව හොඳින් තේරුම් ගෙන තිබුණා. මහින්ද රාජපක්ෂ රජය පරාජය වීමෙන් පසුව, මේ රජය, රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව කිසිදු ප‍්‍රමුඛත්වය දුන්නේ නැහැ. එදාපත් වුණු නායකයින්ට රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ අවබෝධයක් තිබුණේ නැහැ. අන්තවාදී ත‍්‍රස්තවාදය අපේ රටේ ඇති වුණේ ඒ නිසයි. අපි බිහිකරපු ආරක්ෂිත රට විනාස වුණේ ඒ නිසයි අපි දැනගෙන හිටියා රටක ආරක්ෂාව ඇති කරන්න ඕනේ කොහොමද කියන එක. ඒ නිසයි අවරුදු තිහක් මේ රටේ තිබුණු තත්ත්වය අවුරුදු දෙකහමාරකින් අවසන් කරන්න පුළුවන් වුණේ. අපි ඔබට සහතික වෙනවා, අපේ රජයක් තුළ කිසිදු අන්තවාදී ත‍්‍රස්තවාදයට මේ රටේ ඔළුව උස්සන්න ඉඩ නොදෙන බවට. ඒ අපි මීට පෙර ඔප්පු කර පෙන්වා .මේ රජය විනාශ කර ජාතික ආරක්ෂාව අපි නැවතත් ඇති කරන බව සඳහන් කරනවා.

රටක ආර්ථිකය ගොඩනඟන්න රාජ්‍ය අංශයේ සහයෝගය අවශ්‍යයි. රජයේ මැදිහත්වීම නැතුව ආර්ථිකයේ වැදගත්ම අංශය වන රාජ්‍ය සේවය ඉදිරියට ගෙනියන්න හැකියාවක් නැහැ. අපේ රටේ රාජ්‍ය ආයතන පාඩු ලබන්නේ වැඩකරන ජනතාවගේ වරදකින් නෙමෙයි. අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීම්, වැරදි පුද්ගලයින් කළමනාකරණයට පත් කිරීම, තත්ත්වයන් මනා ලෙස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් දැනුමක් නොමැතිකම, දේශපාලන පලි ගැනීම් හේතුවෙන්, සේවකයන්ගෙන් අසාධාරණ ලෙස පළිගැනීම ආදිය නිසයි රාජ්‍ය ආයතන පාඩු ලබන තත්ත්වයට පත් වෙන්නේ. රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට පත්කර, ඒ සේවකයන්ට සහන ලබාදීමේ හැකියාව අපට තිබෙනවා. එදා රටේ ආරක්ෂාව ඇති කර, කොළඹ නගරය ආසියාවේ දියුණු වන රට බවට පත් කරන විට, එ් සදහා අපි යොදා ගත්තේ රාජ්‍ය අංශයයි. අපේ රාජ්‍ය අංශයේ සිටින ඉංජිනේරුවන්, නගර සැළසුම්කරුවන්, තාක්ෂණික අංශයේ කටයුතු කරන්නන්, ඉහල මට්ටමේ සිට පහල මට්ටම දක්වා රාජ්‍ය සේවයේ ඔබයි එදා දැකපු වෙනස ඇති කළේ. ඔවුන්ට හරි නායකත්වයක් දෙමින් හරි මග පෙන්වීමක් කළොත් අපි කරන දේ රට වෙනුවෙන් කරන බව ඔවුන්ට අවබෝධ කළොත්, ඒ සියලූ දෙනාම වැඩ කරන බව අපි දන්නවා. එදා වැඩ කරේ නැති බවට මතයක් ජනතාව අතරට ගිය සමහර රාජ්‍ය ආයතන වැඩ කරන ආයතන බවට පත් කරන්න පුළුවන් වුණා. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ නිසි නායකත්වයයි.

මහින්ද රාජපක්ෂ මහතා වැඩකරන ජනතාවගේ ශක්තිය ගැන හොඳින් දැන සිටියා. ඒ නිසයි මේ රටේ මහා මාර්ග සංවර්ධනය කරන්න, වරායන් ලාභ ලබන ආයතන බවට පත් කරන්න, යටිතල පහසුකම් දියුණු කරන්න මහින්ද රාජපක්ෂ මහතාට හැකි වුණේ. අපි නැවතත් මේ රටේ රාජ්‍ය අංශයේ ආයතන වසා දමන්න හෝ විකුණා දමන්න කටයුතු නොකර, එ් ආයතන ලාභ ලබන ආයතන බවට පත්කරන බව සඳහන් කරනවා. මේවා ලාභ ලබන ආයතන බවට පත් කළොත් තමයි වැඩකරන ජනතාවට වැඩි සුබසාධනයක් ගේන්න පුළුවන් වෙන්නේ. මේ රටේ සිටින සෑම පුද්ගලයකුගේම බලාපොරොත්තුව හොඳ ජීවිතයක් ගත කිරීමයි. තමන්ට නිවසක් සාදා ගැනීම, තමන්ගෙ දරුවට හොඳ පාසලක් ලබා ගැනීම වැනි බලාපොරොත්තු ඔවුන්ට තිබෙනවා. මේ සඳහා ජීවත්වීමට සුදුසු ආදායමක් අවශ්‍යයි. රාජ්‍ය අංශයේ සේවය වේවා,පෞද්ගලික අංශයේ වේවා සෑම පුරවැසියෙකුටම ජීවත් වෙන්නට පුළුවන් ආදායමක් ඇති කිරීම අපේ අරමුණයි .

අපේ ආර්ථික සැලැස්ම සකස් කර තිබෙන්නේ ජනතා කේන්ද්‍රීය ආර්ථික සැලැස්මක් ලෙසයි. ඉන් අදහස් වන්නේ සෑම තරයක ම ජනතාවට ජීවත්වීමට සුදුසු වාතාවරණයක් ඇති කිරීමයි.

පවුලක එක පුද්ගලයෙකුට රජයේ රැුකියාවක් දෙන්න පුලූවන්නම්, නිපුණත්වයක් ලබා දෙන්න පුලූවන්නම්, හොඳ වැටුපක් ලබාගත හැකි රැුකියාවක් ලබා දෙන්න පුළුවන් නම් ඒ පවුල දුප්පත් කමින් ඉහලට ගන්න අපිට පුළුවන්. අපි ඉලක්ක කරගත යුත්තේ එයයි. අපේ ඒක පුද්ගල ආදායම ඉහළ මට්ටමේ තිබෙනවා කීවට වැඩක් නැහැ, අපේ රටේ යම්කිස පිරිසක් දුප්පත්කමේ සීමාවෙන් පහල සිටිනවා නම්. ආර්ථිකයක් දියුණු වෙනවා කියන්නේ සංඛ්‍යාවලින් නෙමේ. සෑම ජන කොටසකම හොඳ ජීවන තත්ත්වක් ඉදිරියට ගෙන යාමට ගෙනයාමට හැකි විය යුතුයි. පහළ ආර්ථික මට්ටමේ සිටින අයට පවා ඉහළට යෑමේ වැඩපිළිවෙළක් අවශ්‍යයි. ආසියාව සීග‍්‍ර සංවර්ධනයක් කරා යමින් තිබෙනවා. අපි මේ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත යුතුය. මේ හරහා විශාල රැුකියා ප‍්‍රමාණයක් නිෂ්පාදනය කර ගත හැකියි. කර්මාන්ත ක්ෂේත‍්‍රය ඉහලට ගේන්න පුළුවන්. කර්මාන්ත හරහා වැඩි ආදායමක් ලබාගන්න වැඩකරන ජනතාවට හැකයාව තිබෙනවා. නිපුණත්වය, හැකියාව ලබාදීම තුළින්තරුණ තරුණියන්ට වැඩි ආදායමක් ලබා දිය හැකයිි. තමන්ගේ පවුල දරුවෝ ගැන සියලූ දෙනාම සොයා බලනවා. දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීලා තමන්ට වඩා හොඳ තැනකට දරුවන් ගෙන ඒම දෙමවුපියන්ගේ බලාපොරොත්තුවයි. නමුත් විවිධ හේතුන් මත දරුවෝ අසරණ වෙනවා. මේ තරුණ තරුණියන් අතරමං නොවී, ඔවුන්ට වැටුපක් ඇති හොඳ රැුකියාවක් ලබා ගැනීමට හැකි වන පරිදි අපේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය වෙනස් විය යුතුයි. මේ සඳහා කෙටිකාලීන මෙන්ම කෙටිකාලීන මෙන්ම දිගුකාලීන වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. අපිට එය කළ හැකියිි.සාමාන්‍ය පෙළ විභාගය දක්වා පමණක් අධ්‍යාපන ලබන තරුණයන්ට කාර්මික පුහුණුවක් දීම තුළින් ආර්ථිකයේ වැදගත් අංශ වලට යොදවන්න පුළුවන්. ඔවුන් තුළ තිබෙන ආකල්ප වෙනස් කර නිසි මඟ පෙන්විය යුතුය. උසස් පෙළ සමත්ව උසස් අධ්‍යාපනයක් ලබන්නට බැරි අයට එ් අයුරින් විසඳුම් අවශ්‍යයි.

එ් වගේම වැඩකරන ජනතාවට නිපුණත්වයක් ලබා ගෙන, දැනට වඩා වැඩි ආදායමක් ලබාගන්න ඉඩ ප‍්‍රස්ථාව සැලසිය යුතුයි.

මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් හෝ වේවා , රටේ ආර්ථිකය වෙනුවෙන් හෝ වේවා මේ සෑම අංශයකින්ම අපේ රට ඉදිරියට ගෙන ගෙනයාමට හැකි සැලසුම් අපි සකස් කර තිබෙනවා. ඒවා වචන වලට සීමා කරන්නේ නැහැ. එදා අපි ක‍්‍රියාවෙන් ඒ දේවල් කරලා පෙන්නුවා.

කොළඹ නගරය දෙස බැලූවොත් ඔබ දකින සෑම ආයෝජනයක් ගෙනාවේ මහින්ද රාජපක්ෂ රජය කාලයේදී. කොම්පඤ්ඤවීදියෙ ජීවත්වීමට සුදුසු වාතාවරණයක නොතිබුණ නිවාස වෙනුවෙන් අපි නව නිවාස ඉදි කරන්න හදන විට එදා විපක්ෂය අධීකරණයට ගිහින් ඒ වැඩපිළිවෙළ වසර දෙකකින් දෙකකින් කල් දැම්මා. නමුත් අපි ව්‍යාපෘතිය ආරම්භ කළා. එදා අපිව උසාවි ගෙන ගිය අය ම අද බලයට ඇවිත් ජනතාවට නිවාස ටික බෙදලා දුන්නා .

කොළඹ අඩු ආදායම්ලාභී ජනතාවට නිවාස ලබාදීමේ ව්‍යාපෘතියක් දියත් කරල, නිවාස පනස් දාහක් ඉදිකිරීම අපේ ඉලක්කය වුණා. අපි නිවාස විසිදාහක් සකස් කළා. මේ ආණ්ඩුව ඇවිත් ඒ නිවාස බෙදා දෙනවා. එදා නගර සංවර්ධනය පිළිබඳ අපට සැලැස්මක් තිබුණා. අපි නිවාස හැදුවා විතරක් නෙමෙයි ඒවායේ ජීවත්වෙන නිවැසියන්ට හිතකාමී පරිසරයක් අපි හැදුවා. කොළඹ පමණක් නෙමෙයි අපි මේ නගර සැලසුම ගාල්ලේ නුවර යාපනයේ ඇරඹුවා.

මේ රටේ සෑම පුද්ගලයකුටම විශේෂයෙන්ම මධ්‍යම පන්තියේ ආදායමක් ලබන අයට විශාල ප‍්‍රශ්නයක් ව තිබෙන්නේ නිවාස. එ් අයට දැරිය හැකි මුදලකට නිවසක් ලබාගැනීමේ සැලසුම් සකස් කරලා තියෙනවා. ඉදිරියේදී පත්වන රජයක් මගින් අපි මේ සැලසුම් ක‍්‍රියාත්මක කරනවා. මෙමගින් ඔබට ජීවත් ජීවත්විය හැකි වාතාවරණයක් තුළ සුරක්ෂිත රටක් බිහි කිරීම සඳහා අපි ඇප කැප වෙන බව අවධාරණය කරනවා.

Leave a Reply

  Subscribe  
Notify of