හංසයා ලකුණ යටතේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ඉදිරි මහ මැතිවරණයේදී තරග කිරීමට එකඟ වූ බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස පාර්ශ්වය සහ රනිල් වික්‍රමසිංහ පාර්ශවය අතර අද (18) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹි බව ඔහු පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා පැවසුවේ හෙට (19) කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් අනුමැතිය ගන්න බවත් තිබු ගැටලු අදින් අවසන් බවත්ය.

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සන්ධානයේ නායකයා බවද ඔහු පැවසිය.