යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා වෙනුවෙන් මේ අවස්ථාවේදී සියලු දෙනාම එකතු විය යුතු බව හෝමාගම එජාප ප්‍රධාන සංවිධායක නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙනුයේ හමුදාපතිතුමා ඇතුලු රණවිරුවන් රට වෙනුවෙන් කල මෙහෙවර පක්ෂයක් ලෙසට තමන් ඇතුලු සියලු දෙනා කවර කලෙක වුවද අගය කරන බවයි.

මේ ඔහු පැවසූ අදහස්

“අද අපි පක්ශ වලට බෙදිලා රටට සේවය කරන්න ගහ මරාගත්තත් අපිට නිදහසේ හුස්ම ටිකක් ගන්න රටක් තියෙන්නේ අපේ රණවිරුවො නිසා.වන්නි සටනෙදි මවුබිම වෙනුවෙන් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා කරපු මෙහෙවර අපිට අදටත් මතකයි.මේ වෙලාවේ මුලු රටම එතුමා එක්ක, එතුමා වෙනුවෙන් පෙල ගැසිය යුතුයි.

මම අපේ නායකයින්ගෙන් ඉල්ලනවා,එතුමට ඇමරිකාවට එන්න එපා කියනවනම් ගරු ජනාධිපතිතුමා,අගමැතිතුමා,විපක්ෂ නායකතුමා සහ කථානායකතුමා කියන රටේ ප්‍රධාන පුරවැසියෝ හතර දෙනත් එකතුවෙලා ඇමරිකාව ප්‍රතික්ෂේප කරමු.

අපි වෙනුවෙන් ඇස් ඉස් මස් පූජා කරපු අපේ වීරයෝ අපිට වටිනවා..අද අපි නිදහසේ හුස්ම ටිකක් ගන්නේ , බයක් සැකක් නැතිව මහ පාරේ ඇවිදන් යන්නේ ශවේන්ද්‍ර සෙන්පතිතුමා ඇතුලු අපේ රණවිරුවෝ යුධ බිමේ සටන් කරලා අපිට රටක් ඉතිරි කරපු නිසා..රණවිරුවෝ අපේ රට රැක්කා.දැන් අපි අපේ යුතුකම ඉටු කරමු.අපි හැමෝම එකතුවෙලා අපේ රණවිරුවන්ව රැකගමු..”