ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට ඉදිරියට ගෙන යාම සඳහා තම දැනුම සහ අත්දැකීම් ලබාදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එන මැතිවරණයට තරග කරන්නේ සියලු පක්ෂය එකතුව පොදු පෙරමුණක් ලෙස බව ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

ඒ සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා කර තීන්දු කර අවසාන යයිද ඔහු කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ උත්සව සභාවක් අමතමිනි.