තමන් ඇමරිකානු එක්සත් ජනපදයට මේ වනතෙක් වීසා බලපත්‍රයක් ඉල්ලා නැති බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එමෙන්ම අනාගතයේදී අයදුම් කිරීමට බලාපොරොත්තුවක් නැතැයිද ඒ මහතා සඳහන් කරයි.

ඔහුටත් පවුලේ ඥාතීන්ටත් ඇමරිකාවට ඇතුළු වීම තහනම් කරමින් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනය ගැන අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.