ගුරුවරුන් අතරින් 94%කට ආසන්න පිරිසකට මානසික ආතතිය තිබෙන බව ඇමරිකාව විසින් කරන ලද පර්යේෂණයකින් සොයාගෙන තිබෙන බව වාර්තා වනවා.

දකුණු පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්ෂිකා නාලනී දොඩම්පේගම මහත්මිය පසුගියදා මේ බව ප්‍රකාශ කර තිබුනා.

“මිසුරි”විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් සිදු කල මෙම සමීක්ෂණය මඟින් හෙළිව ඇත්තේ ගුරුවරුන්ගේ මෙම තත්වය සිසුන්ගේ සාර්ථකත්වයටද අයහපත් ලෙස බලපාන බවයි.

ගුරු වෘත්තිය යනු වගකීම් සහගත බවින් ඉහළම තැනක තිබෙනා වෘත්තියක් බැවින් මෙවැනි තත්වයක් හටගෙන තිබෙන බවයි ඇය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මේ තත්වය මඟ හරවා ගැනීම සඳහා ගුරුවරුන්ට නිසි සහායක් නොලැබෙන බවයි මෙම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ.