ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී තමන් අනිවාර්‍යෙන්ම ජය ගන්නා බවත් ඉන් අනතුරුව නිරතුරුවම මහජන සේවය උදෙසා කැපවෙන බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.ඊයේ දිනයේදී එජාප පලාත් පාලන නියෝජිතයින්ගේ සමුළුව අමතමින් ඔහු මේ අදහස් පල කලා.

රටේ බලවත්ම තනතුරට පත් වීමෙන් පසුව තමන්ව ජනාධිපති මන්දිරයේදී හමුවිය නොහැකි අතර තමන් අරලිය ගහ මනදිරය ද භාවිතා නොකරන බවත් තමන්ව හමුවිය හැක්කේ මහපාරේදී බවත් ඔහු කියා සිටියා.

මේ අතර අද පැවැත්වීමට නියමිතව තිබූ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්චාව කල් ගොස් තිබෙනවා.බොහෝ දුරට එය අනිද්දා (10) දිනයේදී පැවැත්වෙනු ඇති බවයි මවුරට වෙබ් අඩවියට වාර්තා වන්නේ.

Leave a Reply

  Subscribe  
Notify of